129 වන කොටස

414 25 31
                                    

කෑම මේසෙත් ලෑස්ති කරගෙන අපි හැමෝම සාලෙට වෙලා බලාගෙන හිටියේ ශෙහාන් අයියයි ශෙවෝන් ලමයයි එනකං කියලා වෙනකොට ඉස්සො පිගානට අත දාන්න ගිහිල්ලා නවෝද් දැන් පහලොස් වෙනි වතාවටත් මගේ මස්සිනා ගෙන් ගුටි කෑවා......

" මොන රෙද්දක ගිහින්ද මන්දන්නෑ.... රෙහාන් ගනිං අර මූකලං බස්සට කෝල් එකක්....."

" කාටද අපේ මේ සෙහාන් අයියට...."

" ඔව් ඔව් ඒ ලොන්ත හිපාටුවට තමයි...."

" අයියට හරියට කතා කරන්න ඉගෙන ගනිං පොඩි ඇටයා හොදේ....උස්සලා ගහනවා දැනගනිං පොළොවෙ......."

හත්තික්කෙ මූ නං මැරෙන්නෙ නෑ අප්පා...නවෝද් දැන් තත්පර ගානකට කලින් උගෙ සදාදරණීය සහෝදර බඩ්ඩව මතක් කෙරුවා විතරයි ශෙහාන් අයියා ඍදියෙන් වගේ මෙතනට කඩං පාත් වෙලා තිබුනා....ඒත් එක්කම වගේ මං දුවලා ගියේ ශෙහාන් අයියගෙ එහාපැත්තෙන් හිටගෙන හිටපු නවෝද්ගෙ වෙන්ඩ මස්සිනා ගාවට.....ලංකාවට ආවත් හරි මට මූත් එක්ක තමයි තාම වචන දහයක්වත් හරියට කතා කරගන්න බැරි වුනේ...ඇයි ඉතිං කොයි වෙලාවෙ බැලුවත් මිනිහා හිටියෙ කොළඹින් පිට..... එහෙමත් නැත්තං ඉතිං කටුනායකිනුත් එහා.....

" ඉතිං ඉතිං සෙවෝන් පුතේ...ඔයාට කොහොමද අහ්...හෙන කාලෙකින් නේද බං දැක්කෙ...."

" ඒකනෙ බං පෙරේදා දැක්කට පස්සේ මේ දැක්කමද කොහෙද....."

" ඒකනෙ ඒකනෙ....එන්න සෙහාන් අයියේ....ඇවිත් වාඩි වෙන්න...අපි මේ ඔයාලා දෙන්නා එනකම්ම තමයි මේ කෑම මේසෙ විවෘත නොකර බලාගෙන හිටියේ....."

" අම්මො ලොකු දෙයක් බං.....මග දිගට එනකොට එක කඩයක්වත් ආසාවට හම්බ වුනේ නෑ කියලා කියහන්කො....."

" යකෝ මේ මිනිහා කියන බොරු....දැන් මග දිගට එනකම්ම අර මොකෙක්ද බං ඉන්නෙ කලු පාට හරක් ජාතිය මී හරක් නේද....."

" අම්බරුවෝ....."

" අන්න එහෙම එකෙක් වගේ මේ මූකලං බස්සා ගිලිනවා ගිලිනවා ඉවරයක් නෑ....දැන් කියනවා මෙතන කන්න එක කඩයක්වත් හම්බ වුනේ නෑලු... පොලොව පලාගෙන තමුසෙව අපායට ඇදගෙන යයි ඕයී....කට ඇරියොත් කියන්නෙ පට්ට පල් බොරුවක්ම තමයි....."

~හීන~ Where stories live. Discover now