82 වන කොටස

370 24 55
                                    

ඇනවසරි සැමරුම් පිටින් දාලා අන්තිමට අපි කට්ටියම කොලඹ සී.සී එක ඇතුලෙ උඩම තට්ටුවට වෙන්න තිබුණු අවුට් ඩෝර් කැෆේ එකෙන් ගිහින් ඉදගන්නකොටත් වෙලාව අටට කාලයි......අනේ මන්දා ඉතිං කොච්චර එකට ඉන්න එපාය කියලා කිව්වත් මායි අයියයි පුලුවන් තරම් කරේ එකට ඉන්න හේතු හොයපු එක.... හැබැයි ඒ හැම තැනකදිම වගේ අපේ උදව්වට අනිත් සෙට් එකත් මේ අපිත් එක්කම අපේ ලගින් හිටියා....යාලුවො කට්ටියක් එකට ඉන්නකොට ඒක එච්චර කැපිලා පේන දෙයක් නෙවෙයිනෙ...ඇරත් දෙන්නෙක් තනි වෙනවට වඩා හොදයි මෙහෙම එක රොත්තක් විදියට අපි අපේ ෆන් එක පාඩුවේ අරගන්න එක....ඔය කතාව අපිට කිව්වෙ මගේ ලොකු මස්සිනා....තනියම නොගිහින් මෙහෙම කට්ටියත් එක්ක එකට ඉන්නකොට කාට වුනත් එතන ඇගිල්ලක් දික් කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ.....මොකද අපි එලියට ගියේ අපේ යාලුවොත් එක්කනෙ.... කක්කුට්ටගෙ ට්‍රික්ස් තමයි ඉතිං.....මගෙ මස්සිනාගෙ මොලේ නම් දහස් වටී...

" අම්මෝ මගේ කොන්ද නිකං දැන් නෑ වගේ දෝණියො....."

" කට කැඩෙනකං කිව්වනෙ උඹට බැරි වැඩ නොකර ඉදහං කියලා...."

" ඒ වුනාට ඒක හරි ෂෝක් සෙල්ලම නේද මහිමයා...."

" ම්ම්....."

" ඇත්තමයි අයියෙ මං නම් අද සිරාවටම එන්ජෝයි කරා හොදේ...."

" එකෙන්ම ඈ....අපි ආයෙම වතාවක් මෙතනට එමුකො මල්ලේ...."

අපි කස්ටියම මේ කතා වුනෙ මීට ටික වෙලාවකට කලින් අපි bowling area එකේ ගත්තු ෆන් එක ගැන...සරලව කියනවනම් ඔය ගල් බෝල ගහනවා කියලා කියන්නෙ....අන්න ඒ ගැන තමයි අපි කට්ටියම දැන් මේ කතා වෙන්නේ....ඇත්තටම බෝව්ලින් කියලා කියන්නෙ ආයේ වෙනමම විදියේ ආතල් එකක්...අපේ සාන් අයියා ඔය කොන්ද නෑ වගේ ගගා මෙතන වැලලෙන්න හදන්නෙ අර යකඩ බෝල උස්සන්න ගිහින් තමයි....ලංකාවේ කොච්චර මෝල්ස් තිබුනත් සී සී සී එකට ගහන්න මෝල් එකක් නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි මේකේ තිබුණු ගේමින් ඒරියා එක.....ආයෙ නෑ මෙතනට ආවොතින් එහෙම ගන්න පුලුවන් සුපිරිම ෆන් එක අරගෙන මෙතනින් එලියට බැහැලා යත හැකි... අනිත් වැදගත්ම දේ තමයි උඩම තට්ටුවෙ හදලා තිබුණු අවුට් ඩෝර් කැෆේ එක....රෑට මෙතන ඉදන් ඩිනර් එක ගන්නවා කියලා කියන්නෙම ඒක මහ අමුතුම විදියේ වයිබ් එකක්...හද තරු වලින් වටවෙච්ච රාත්‍රි අහස ඔලුවට උඩින් පේන්න තියෙනකොට කකුල් වලට පහලින් පේන්න තිබුනෙ ලස්සනම ලස්සන එලි වලින් හැඩ වෙච්ච කොලඹ පාර තොට...ඔය මොන සුකුරුත්තමටත් වඩා ලස්සන තැනක් ගැන මං කියන්නද....ගංගාරාමේ පන්සල.....වතුර කදක් උඩ හරි ලස්සනට පෙන්න තිබුණු ගංගාරාමේ පන්සල කියලා කියන්නෙම කොලඹ නයිට් වයිබ් එකට මහ අමුතුම විදියේ ලස්සනක් එකතු කරපු තවත් එක මැජික් ඉෆෙක්ට් එකක් කියලා කිව්වොත් මං හරී......

~හීන~ Where stories live. Discover now