" කෝ චූටී....දැන් නැගිටින්නකො......."
" ම්ම්....."
" රෙහාන්.....කෝ...කෝ... දැන් නැගිටහං බං....."
" තව චුට්ටක්......."
" නෑ....නෑ....දැන් ඔය නිදාගත්තා මදැයි......"
" අනේ......."
" කිව්වම අහලා නැගිටපිය මගෙන් ගුටි නොකා...."
ගුටි නොකා නැගිටපං කියලා පස්සට ගහලා හරියනවද මං අහන්නේ....ආව්වා.... ඒක නම් ඇත්තටම රිදුනා සාන්ත......
" මොකක්ද අනේ.....තව චුට්ටකින් එන්නංකෝ අයියේ....."
මං එහෙම්මම ආපහු බ්ලැන්කට් එක පොරවං ඇදට පෙරලෙනකොට සහස් ඒ බ්ලැන්කට් එක ඇදලා ඇදෙන් බිමටම විසික් කෙරුවා....
" ඔහොම දුෂ්ට වෙන්න එපා ඒයී....මට සීතලයිනෙ....."
වැරදීමකින් ද්වීකන්ඩනය වෙච්ච ගැඩවිලෙක් වගේ මං දෙකට තුනට ඇඹරෙනකොට සහස් මං දිහා බලාගෙන හිටියේ එයාගේ ඉනට අත් දෙකත් තියාගෙන......ඒ අස්සේ අර සසර කල කිරිලා වගේ බලාගෙන ඉන්න තට්ට අන්කල්ගෙ මීම් එකත් මට මැවිලා පේනවා සාන්ත...
" උඹ දැන් නැගිටිනවද නැද්ද අහ්......"
" මාව වඩාගන්නකො ඒයී......"
" විකාර නොකර මෙන්න මෙහෙ වරෙං රෙහාන්....."
" අනේ....අනේ ...අනේ.........! "
වහලේ උළු ගැලවෙන්නම මං මහ හයියෙන් ඇඳ උඩ ඉදගෙන කෑ ගහනකොට කටුස්සට ආයෙම වතාවක් අර මුල් දවස්වල වගේ අංගුලිමාලව වැහිලා තිබ්බා....
" උඹව එක්කං ආවට වඩා හොදයි මං අත දරුවෙක්ව එක්කන් ආවානං......"
" අත දරුවා කාලේ හුරතල් කරන්න කවුරුත් හිටියේ නැති හින්දනෙ දැන් හරි හුරතල් වෙන්න හදන්නේ......."
ඇත්තටම මං ඒ කතාව කිව්වේ හිතේ කිසිම දුකක්වත් කලකිරීමක් වත් ඇතිවුනු හින්දා නෙවෙයි....සරලව කිව්වොත් ඒක මේ මගේ තියෙන වාචාල කමට කටින් පිට වෙච්ච හෑල්ලක්.....
ඒත් මං ඒ කියපු වචන හින්දා සහස්ගෙ හැසිරීම සම්පූර්ණෙන්ම වගේ වෙනස් වුණා... මෙච්චර වෙලාම මාව කන්න හදපු සහස් ඒ ඩිංගට වෙනස් වෙලා...ඒ ඇස් වල තිබුනේ මගෙන් සමාව ඉල්ලනවා වගේ හරිම නොසන්සුන් ඒත් සාමකාමී හැගීමක්
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."