Author note

643 40 26
                                    

හායි චූටිලා....

ඔන්න මං පොඩ්ඩක් කියවන්න ආවා හොදේ...සමාවෙලා මේ ටිකත් අරගෙනම යන්න....

මං දන්නෙ නෑ කතාව කියවන ඔයාලා අක්කලද නංගිලද අයියලද මල්ලිලද කියලා..... පොදුවේ කිව්වෙ හරිද...කවුද දන්නෙ කෙල්ලොන්ටම විතරක් මුල් තැන දෙන්නත් බෑනේ....මට කියන්න ඕන වුනේ මෙච්චරයි....මං ලියපු පලවෙනිම bl story එක මං හිතුවටත් වඩා හොදට සාර්ථක වුනා....මොකද ඒකට හොදම සාක්ෂිය තමයි ඔයාලා මට එවලා තිබුණු අදහස්.... කෙනෙක්ට ඒ දේවල් හරිම පුංචි පුංචි දේවල් වෙන්න පුලුවන් හැබැයි මට නං ඒ එක කමෙන්ට් එකක් වුනත් රත්තරං වටිනවා....මොකද සමහර දවස් තියෙනවා ජීවිතේ ආයෙ ඒ දවස් ගැන කතා කරලා වැඩක් නෑ.. හෙම්බත් වෙලා මහන්සි වෙලා ඉන්න වෙලාවක කතාවට වැටෙන එක නොටිෆිකේෂන් එකකින් මේ ඕතර්ගෙ මූණට හිනාවක් අරගෙන එන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද.....ඔව්.....දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාලා ඒ දේ කෙරුවා....ඒකට මට මෙච්චරයි කියලා ඔයාලට වචනෙන් ස්තූති කරන්න බෑ.... හැබැයි මං ඔයාලා හැමෝටම ස්තූතියි කරනවා....මාත් එක්ක මගේ කතාවත් එක්ක ආසාවෙන් එකතු වෙලා හිටපු ඔයාලට හුගක් ස්තූති.... අප්ඩේට් දෙනකං බලාගෙන හිටපු ඉවසීම ප්‍රගුණ කරපු ඔයාලට මගේ හද පිරි මෙව්වා එක... ඉතිං මට කියන්න තියෙන්නේ....මේ කතාව ඇතුලෙ හිටපු හැම චරිතයක්ම ඇත්තටම ඔයාලගෙ   ජීවිත ඇතුලෙත් ඉන්න පුලුවන් ....ඔය තරම්ම ආදරණීය නොවුනත් එහෙම මිනිස්සු අපි හැමෝගෙම ජීවිත ඇතුලෙ ඉන්නවා....සමහර විට මේ කතාවෙ සමහර තැන් ඔයාලගේ ජීවිතේට සමාන වෙන්න ඇති...ඒ යාළුකං ඒ ආදරය වගේ දේවල් ඔයාලත් අනිවාරෙන්ම විදලා ඇති...දැන් විදිනවා ඇති...එහෙම නැත්තං තමුන්ව තේරුම් ගත්තු එක මනුස්සයෙක් හරි ඔයාලට ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.... ඉතිං හීන එක්ක ආදරෙන් එකතු වෙලා හිටලු මගේ ලිලී මල් ටිකට ඔන්න මගෙන් පුංචි සර්ප්‍රායිස් එකක් තියෙනවා...මේකත් මට මගේ රීඩර් කෙනෙක්ගෙන්ම ආපු රික්වෙස්ට් එකක්...... ඉතිං මං ඒක ලියන්න හිතුවා...මේක මේ හීන දෙක කොටස එහෙම නෙවෙයි....අලුත් කතාවක්.... හැබැයි දෙවෙනි පරම්පරාව ගැන කියවෙන්නෙ...ඒ කියන්නේ හීන කතාවෙ හිටපු චරිත වල දරු පැටව් ටිකගෙ කතාව..... ප්‍රධාන චරිත දෙක කවුද කියලා දැනටමත් දන්නවා ඇතිනෙ....ඉතිං මං දන්නවා හීන එක්ක ආදරෙන් බැදුනු ඔයාලා අනිවාරෙන්ම මගේ දෙවෙනි කතාවෙදිත් මාත් එක්කම ඉදීවී.....

මේක ටිකක් වෙනස් විදියට Author pov එකෙන් ලියවෙන කතාවක්.....කියවලා බලන්න....මං විශ්වාස කරනවා ඔයාලා මේ කතාවටත් හුගාක් ආදරය කරයි.....

ඉතිං මට කියන්න තියෙන්නේ මෙච්චරයි....

හීන එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝගෙම හීන දවසක යතාර්ථයක් විදියට වෙනස් වෙන්න ඕනෙ.... ජීවිතේ ප්‍රශ්න කියන දේවල් එනවා .... හැබැයි අපිට වැටෙන්න බෑ.....මතක තියාගන්න......

හැමදේම සිද්ද වෙන්නෙ මොකක්මහරි හේතුවකට......
Everything happens for a reason......

අද නැතත් දවසක ඒ හේතු ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.....

ඉතිං අළුත් කතාවේ intro එකයි පලවෙනි කොටසයි මං අද රාත්‍රියට අප්ඩේට් කරන්නං......ලයිබ්‍රි එකට ඇඩ් කරලා තියාගන්න....මං කොටසින් කොටස අප්ඩේට් කරගෙන යන්නං....කම්මැලී වගේනං කොටස් දහයක් විතර දැම්මට පස්සේ කියවන්න පටං ගන්න....

හැමෝටම හුගක් ආදරෙයි.....දැකලා නැති වුනත් මං ඔයාලා හැමෝගෙම හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
කතාවේ සාරාංශය ගැන පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න.....



එහෙනම් කැමිලීයා මල් සුවදත් එක්ක අපි හම්බ වෙමු....වෙනමම විදියේ කථාවකින් වෙනමම විදියේ චරිතත් එක්ක.....

වෙනමම විදියේ කථාවකින් වෙනමම විදියේ චරිතත් එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....."

" මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...."

" ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."

....කැමීලියා....





මං ඒලී....

~හීන~ Where stories live. Discover now