55 වන කොටස

366 35 42
                                    

එලියට යන්න තියෙන ආසාව කොච්චරද කියනවනම් මායි නවෝදුයි ඊයේ රෑ නිදාගත්තෙ නැති තරම්...එච්චරට අපි දෙන්නට තිබුනේ අද ගමන ගැන මහ පුදුමාකාර තරම් නොයිවසිල්ලක්......

" උඹ ලෑස්තිද ඒයී....."

" ම්ම්.....ඔව්....."

" සේරම ටික ගත්තනේ ..."

" මං හිතන්නේ ඔව්...."

" හරි එහෙනම් බඩු ලිස්ට් එක පරික්ෂා කරගමු ......"

" එලම......"

" ඇදුම් ගත්තද...."

" ඔව්......"

" එතකොට රෑට අදින ඇදුම්....."

" එව්වත් හරි....."

" යටට අදින ජොක්කු කීයක් ගත්තද...."

" හයක්ම ගත්තා....."

" උඹ මගේ එකා.....ඔය ගත්ත ඇදුම් ටික සීතලට ඔරොත්තු දෙන එව්වා නේද සමන්ත....."

" ඔව් ඔව්.... "

" ෆේස් වොෂ් ගත්තද...."

" ගත්තා ...."

" දත් මදින්න බ්‍රශ් එකක්....."

" වැඩිපුරත් එක්ක තියෙනවා....."

" එතකොට උඹේ ස්කින් කෙයාර් ප්‍රඩක්ට්ස් ටික....."

" ඒ ටික තමයි මුලින්ම දාගත්තේ....."

" මගේ ටිකත් ඔතන තියනවද බලහං...."

" එව්වා සේරම හරි පනේ...."

" ම්ම්....තව මොනවද....අහ් පැනඩෝල් අසමෝදගම් පෙන්කිලර්ස් එහෙම තියෙනවද....."

" එව්වා මහිම අයියලා ගෙන්නං කිව්වා...."

" සපත්තු සෙරෙප්පු...."

" උඹෙයි මගෙයි වේව්ස් දෙක ගත්තා....ඒ ඇතිනේ....."

" වැඩිත් එක්ක සුදා........."

ඉස්කෝලෙ යන පොඩි උන් දෙන්නෙක් වගේ මායි මගේ නැට්ටයි ගත්තේ මොනවද නැත්තේ මොනවද කියලා හොයන අතර තුරේ අයියලත් අපේ රූම් එක ඇතුලට එන්න ආවා.... යසයි පොඩි පගයා දැන් පැය භාගයක් දිස්සෙ ඉදන් කාමරේ අස්සට වෙලා උගෙ බඩු තෝර තෝර ඉදලා තියෙන්නේ ගෙදර දොරත් හාස්කට්ටට ඇරලා දාලාද කොහෙද.....

" දොරවලුත් ඇරලා දාලා උඹලා දෙන්නා මොනවද බං මේක අස්සට වෙලා ඔය කරන්නෙ....."

~හීන~ Where stories live. Discover now