රට වටේම බයික් වලින් කරක් ගහපු මට මේ බස් වල පැය ගනං රස්තියාදු වෙනවා තරම් තවත් එපා කරපු දෙයක් තිබුනෙ නැති තරම්....බොරු සෝබනේට බස් වල යන්න බැරි එකෙක් ගානට කියවනවා නෙවෙයි.... ඒත් පැය තුන හතර මේ වගේ අවුට්ටේෂන් බස් එකක කාලෙ කනවා කියලා කියන්නෙම ඒක මේ සංසාරෙත් එක්ක එපා වෙලා යන මහ එපාම කරපු විදියක හැගීමක්...සේරටම හපං ඔය බස් වල ඉන්න කොන්දොස්තර මහත්තුරු....බේසික් දරුවො ටික ඇවිල්ලා සීට් වල ඉදගෙන ඉන්න මිනිස්සුන්ගෙ ඇගට ජැක් එකක් ගහන්නම තමයි බලාගෙන ඉන්නේ.......
උදේ පාන්දරින්ම මං මාමාත් එක්ක එහෙන් පිටත් වෙච්ච හින්දම නවයට දහයක් විතර තියෙනකොට අපිට කොටුවෙන් බැහැගන්න පුලුවන් වුනා.....මාමා උදේ දහය වෙනකොට එයාගේ ඔෆිස් එකේ ඉන්න ඕනේ... ඉතිං තවත් ඒ මනුස්සයට වද දෙන්න බැරි හින්දම මං මාමාව එතනින් පිටත් කරවලා මොරටුව පිටකොටුව බස් පෝලිමට නවත්තලා තිබුණු බස් හෝල්ට් එක දිහාවට ෂේප් එකේ ඇවිදගෙන එන්න පටං ගත්තා.... ඒ ඇවිත් මං කෙරුවෙ එතන ඉස්සරහින්ම නවත්තලා තිබුණු සෙනග අඩු බස් එකක් බලලා ඉක්මනට ඒකට ගොඩ වෙච්චි එක......
මගේ වෙලාව නං අද සුභයි වගේ....මොකද මට පිටීම පස්සේ සීට් එකේ ජනේලෙ ගාව මුල්ලම අද සෙට් වුනා...මං හිතන විදියට නම් ඔය බස් වල කොච්චර සීට් තිබුනත් එව්වට මේ පිටීම පස්සේ ජනේලෙ ගාව තියෙන සීට් එකේ ගැම්ම ගන්න අමාරුයි.....අනේ මන්දා.....තමුන් කැමතිම සිංදුවක් ප්ලේ වෙන්න දාලා ජනේලෙන් එලියෙ පේන කොළඹ ටවුන් එක දිහා බලාගෙන ගහන මනෝපාරෙ තිබුනේ ආයෙ වෙනමම විදියේ වයිබ් එකක්...දැන් මෙතනට අඩු වෙලා තිබුනෙ පොඩි වැස්සක් විතරයි... ඒකත් වැස්සනං එහෙම මට මෙතන විනාඩි දෙක තුනක විශුවල් එකකට රගපාන හිච්චි නලු බට්ටෙක් වෙන්නත් පුළුවන් කමක් තිබුනා.....
" මල්ලි කොහාටද....."
" දෙහිවල හන්දිය අයියේ...."
" රුපියල් දහයක් ගන්න නැති වෙයිද මල්ලි....."
" අනේ නෑනේ අයියේ..."
" මං මල්ලිට ඉතුරු දෙන්නං හොදේ.....කෝ ඔය දොර ගාව හිටගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඇතුලට යන්නකො මහත්තයා....තව මිනිස්සු ඉන්නවනෙ නගින්න......"
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."