51 වන කොටස

260 23 41
                                    

දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසන උගේ අම්මට හික්කඩු යන්න කතා කරපු ලක්ෂාන් අයියටත් මං හොද පදෙන් අමතලා කුස්සිය පැත්තට එන්න ආවේ කිරි කෝපි එකක් හදාගන්න ඕනේ කියලා හිතාගෙන....ඇයි වදේ උදේ පාන්දර හයට විතර කෝල් කරලා හවස හයට යන්න තියෙන ගමන ගැන කියවලා වැඩක් තියෙනවද මං අහන්නේ..... පාඩුවේ ගෙදර ඉන්න දවසට වත් මට නිදහසේ ඉන්න නෑ....ගෙදර ඉන්න දවස කියලා කිව්වට මොකද අද සතියෙ දවසක්....ඒත් කරුමෙට අද උදෑසන දහයේ ඉදන් හැන්දෑවෙ තුන වෙනකම්ම අපිට පේපර් ක්ලාස් එකක් වැටුනු හින්දම මායි නවෝදුයි අද ලෙඩ නිවාඩුවක් දාන්න තීරණය කරා.... එක අතකට අපේ පින්සාරයා නැතුවත් මට හෙන පාළුයි වගේ සාන්ත.....හැම දිස්සෙම අපිව කන්න හැදුවට මොකද දැන් අපේ ඇසිස්ටන්ට් වයිස් ප්‍රින්සිපල් නේද කියලා මතක් වෙනකොටත් මගේ පපුව නිකං හෝස් ගාලා යනවා.....

කිරි කෝපි එක හදාගෙන ඇවිත් සාලෙන් වාඩි වුනා විතරයි ආපිට මට සහස්ගෙන් කෝල් එකක් ආවා....

" සුභ උදෑසනක් වේවා ඒයී......"

" අද ඉර අනිත් පැත්තෙන් පායයිද දන්නෑ..."

" ඇයි ඇයි දැන් මොකටද ඉර අනිත් පැත්තෙන් පායන්නෙ අහ්....."

" උඹ අද උදේ පාන්දර නැගිටපු හින්දා...."

" අනේ මේ මං නැගිටපු එකක් නෑ......අර ගෝරිල්ලා තමයි මෙතන උදේ පාන්දර මට ආතල් දෙන්න තියා ගත්තේ... "

" කවුද...."

" කවුද අහන්නේ අර ලක්ෂාන් කියන බයිසන් ගවයා තමයි.... මහ පාන්දර කෝල් කරලා කියනවා මට හය වෙද්දී ලෑස්ති වෙලා ඉන්නලු...."

සහස් හිනාවෙනවා... ඔව් ඉතිං උඹ හිනාවෙයං.... මෙතන මගේ නින්දත් කඩලා දාලා තව කැකිරි පලන්නත් එනවා........

" ඒක නෙවෙයි රෙහාන්......."

" ම්ම්......."

" ක්ලාස් යන්න කලින් කාලා පලයං....."

" මං තව ටිකකින් නවෝද්ලගෙ ගෙදර යනවා අයියේ.....එහෙම්මම කාලා ඊට පස්සේ ක්ලාස් එකට යනවා......"

" ම්ම්.... පරිස්සමෙන්....."

" හරී....."

" එහෙනම් මං තියන්නං බං... හවසට හම්බෙමු....."

~හීන~ Where stories live. Discover now