79 වන කොටස

384 28 27
                                    

දවල්ට කාලා ඉවර වුනාට පස්සේ ඉතිං මාමලා බෑනලා තාත්තලා පුතාලා සේරම හවසට සෙට් වෙන්න කියලා ලෑස්ති වෙනකොට ලොකු අයියලගෙ අහිංසක භාර්යාවෝ ටිකට භාර වුනේ මහත්තුරුන්ට සප්පායං වෙනකොට කට ගැස්මට ඕන කරන බයිට් පිගන් ටික පිලියෙල කරන රාජකාරිය......ඔය සේරමත් අස්සෙ මලු ගෙදරටම පොඩි ළමයි වෙච්ච මටයි නවෝද්ටයි අපේ සෙවෝන් ලමයටයි අර සුරා පානය සදහා අවශ්‍ය කරන වීදුරු ටික සෝදන රාජකාරිය භාර වුනා......

" පොඩී දැන් මගෙන් ගුටි කනවා හොදද......"

" අනේ ඉතිං සොසේජස් කෑල්ලක් දෙන්නකො වගීෂා...... ඔච්චර පෙරේත වෙන්න එපා අයියෝ......"

" දැන් මං බදින බදින එක පිගානට යන්න කලින් ඔය ලමයගෙ බඩ ඇතලෙ නෙවෙයිද නතර වුනේ අහ්...."

" හරි ඉතිං......."

" කෝ...කෝ...එහාට වෙන්න පොඩී......."

වීදුරු ටික හෝදන රාජකාරිය මං භාරගත්තෙ අරූ ශෙවෝන් එක්ක ඔය වීදුරු ටික සෝදන්න ගියොතින් එහෙම මෙතන මල හත්තෙඋත්තක් වෙනවා කියන්න මං හොදාකාරවම වගේ දැනගෙන හිටපු හින්දයි......ඒ කරලා මූව පොඩ්ඩක් අම්මලා ඉන්න තැනට යවලා  ඒ මිනිස්සුන්ට අඩුම තරමෙ හැදි මිටක තරමින් හරි උදව්වක් කරන්න කියලා කිව්වම මේ පරයා එතන ගිහිං හදන හදන සොසේජස් කරල උගෙ බඩට දාගන්න තියා ගත්තා......

" ආ....ආව්....මොකද ගල් ඉබ්බො ගහන්නෙ...."

" පෙරේත කමට වුනත් සීමාවක් තියාගනිං... ගස් සුනකයා..."

වීදුරු ටික සෝදලා ඉවර වෙච්ච හින්දම ඒ ටික ශෙවාට පිහිදාන්න කියලා මං පැත්තක වනලා තිබුණු සෝස් පෑන් එකත් අරගෙන හෙමින් සැරේ අරූගේ දිහාවට කිට්ටු වුනේ ඒ සෝස් පෑන් එකෙන්ම හොද පාරක් මිනිහගේ ඔලුවට අත අරින ගමන්මයි....පව් පොඩි එකාගෙ මොලේ හෙල්ලුනාද දන්නෙත් නෑ......

" මූව මෙහෙම හුරතල් කරලා බෑ වගීෂා අම්මෙ...මෙන්න මේ විදියට එකපාර හොදට අත දිග ඇරලා මේ සෝස් පෑන් එක වැනුවනම් එහෙම කේස් එක ක්ලෝස්.....තේරුනාද......"

" ගහන්න එපා බූරුවෝ ......"

මං දෙවෙනි වතාවටත් අරයගෙ ඔලුවට සෝස් පෑන් එකෙන් දමලා අත අරිනකොට අපේ ශෙවාගෙ හිනාව දැකලා ඌට තවත් මල පැන්නද කොහෙද...

~හීන~ Where stories live. Discover now