116 වන කොටස

349 29 26
                                    

තිවංකට කාර් පාක් එකට යන්න කියලා කිව්වට මොකද ඌ ෂෙහාරත් එක්කම ආයෙම වතාවක් අර හොටෙල් එක ඇතුලට යන්න ගියේ මං මිස්ටර් විජේවර්ධනට කියන්න කියලා දීපු ඒ පණිවිඩේ එයාට කියලා එන්න වෙනකොට තට්ට තනියම කාර් පාක් එකට වෙලා හිටපු මම මගේ පාළුවයි ස්ට්‍රෙස් එකයි දෙකම යවාගන්න කියලා හිතාගෙන පත්තු කර ගත්තු සිගරට් එක එකදිගටම උරන්න පටං ගත්තා......

කේන්තිය ඉහවහා ගියපු තැන මං මගේ කාර් එකට පවා ගැහුවා..... ගෙවිච්ච අවුරුදු ගාන පුරාවටම සිද්ද වෙච්ච දේවල් වලින් සහස් ඕනාවටත් වඩා තැන්පත් මනුස්සයෙක් විදියට වෙනස් වෙලා තියෙනකොට මේ මට සිද්ද වුනේ ඒකෙ අනිත් පැත්ත.....මං එන්න එන්නම අමු තිරිසනෙක් ගානට වෙනස් වුනා.... මං එන්න එන්නම අමු යකෙක් විදියට හැසිරෙන්න පටං ගත්තා.....

" රෙහාන්......"

ආයෙමත් ඒ කටහඬමයි..... ඒත් ඉස්සර තරම් ඒ කටහඬ එච්චර පිරිලා තිබුණෙ නෑ......ඒක හරිම මලානික වෙච්ච කටහඬක්....කතා කරන්න ඕනාවට වචන ගැට ගහගත්තු කටහඬක්.....

මගේ පිටිපස්සෙන් ඇහිච්ච ඒ කටහඬ කාගෙද කියලා අදුර ගන්න මට ඒ මනුස්සයා දිහාවට හැරිලා බලන්නම ඕන වුනෙ නෑ....

" මෙතනින් යන්න......"

මගේ කටින් පිට වෙච්ච ඒ වචන වලට කිසිම හැගීමක් කවන්නෙ නැතුවම මං මගේ කටට ගත්තු සිගරට් එකේ දුම ආපිට එලියට පිට කරලා දාන්න පටං ගත්තා.....

" මට කතා කරන්න ඕනේ...."

" මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ......"

" මගෙන් පළි ගන්නවද අහ් ...."

මං එහෙම්මම සහස්ගෙ දිහාවට හැරුණා ..... ඌ අහනවා මං උගෙන් පලි ගන්නවද කියලා....උගෙන් පලි ගන්න ඕන වුනානං එහෙම මං මෙච්චර ලොකු විනාසයක් මට කර ගන්නවද දෙයියනේ.....

" මතක නැත්තං මං ආයෙම වතාවක් ඒ කියපු දේවල් ගැන උඹට මතක් කරලා දෙන්නද අයියේ.... ම්ම්....."

මං එහෙම්මම මගේ අතේ තිබිච්ච සිගරට් එක පැත්තකට විසික් කරලා දාලා සහස් දිහා මහ හිස් වෙච්ච හැගීමකින් බලාගෙන හිටියා.....

" රෙහාන්....."

"උඹ පරිස්සමට ඉදපං රෙහාන්...තව දුරටත් සහස් කියලා කෙනෙක් උඹෙ ජීවිතේ ඇතුලේ හිටපු නැති ගානට උඹ ජීවත් වෙයං ........ ඉතිං මං මේ කරන්නෙ උඹ මට කරන්න කියලා කියපු දේවල්ම තමයි අයියේ....මොකෝ උඹට රිදුනද අහ්...අනේ උඹට රිදුනනං මට සමාවෙයන් ......"

~හීන~ Where stories live. Discover now