අද හවස පහට මගේ ෆ්ලයිට් එක......තිවංකයි ෂෙහාරයි එහෙ ඉන්න අයගෙ වැඩ ටික ගැන බලාගන්නකොට මං මෙහෙ ඉදන්ම මගේ ඇදුම් ටික ලෑස්ති කරගන්න පටං ගත්තා...ඔව් තිවංක ඊයෙ රෑම මගේ බඩු මුට්ටු ටික මෙහාට අරගෙන ආපු හින්දම මට මගේ වැඩ ටික තවත් ලේසි වුනා කියලා කිව්වොත් මං හරි....පව්.....මොනවා වුණත් මං තිවංකයව මෙහෙම ආතල් එකට ගන්න එක හෙන වැරදි......ඇරත් ඌ හිත හොද කොල්ලා...මෝඩ කම නම් ටිකා....ක් විතර වැඩි වුනාට මොකද මිනිහට තියෙන්නේ රත්තරං වටින හදවතක්....වෙලාව තාම එකොලහයි.....ඇත්තම කතාව තමයි මං මෙහෙන් යන්න කියලා ලෑස්ති වුනාට මොකද මං මගේ ටිකට් එක දැනටමත් කැන්සල් කරවගෙන ඉවරයි... මගේ විතරක් නෙවෙයි මං තිවංකගෙ ටිකට් එකත් ඊයේ රෑම වගේ ඉක්මන් කරලා කැන්සල් කරව ගත්තා....මොකද මං ලංකාවෙන් පිටත් වෙන්න හිතාගෙන ඉන්නෙ හරියටම තව සතියකින්.... මට මගේ තාත්තා චැනල් කරපු දොස්තරලව හම්බ වෙලා එයාගේ තත්වෙ ගැන සහසුද්දෙන්ම වගේ හොදට දැනගන්න ඕන වුනා.....අනිත් විශේෂම කාරණාව තමයි මට මගේ මාමාවයි නැන්දවයි ගිහින් බලලා එන්න ඕන වෙච්ච එක....ඒ මිනිස්සු දෙන්නා පව් දෙයියනේ.....මං කොච්චර නම් කියලා ඒ අහිංසක මිනිස්සු දෙන්නගෙ හිත් වලටත් ගින්දර දුන්නද....මට දැන් තමයි තේරෙන්නෙ.... මේ හැම දේකින්ම අයින් වෙලා මං මටම කර ගත්තු විනාසෙ තරම කොච්චරක්ද කියලා මට දැන් තමයි දෙයියනේ තේරෙන්නේ........
" චූටි බේබි....."
මගේ කාමරේට ඇවිත් හිටියේ නන්දා අම්මා....ඒ ඇවිල්ලත් නන්දා අම්මා කෙරුවෙ මගේ ඇඳ උඩ ඔහේ අත ඇරලා දාලා තිබිච්ච මගේ කලිසම් ෂර්ට් ටික එක පිළිවෙලකට අහුරලා ඒවා නවන්න පටං ගත්තු එක.....
" තියන්න නන්දා අම්මේ මං ඔය ටික හෙමීට නවාගන්නං...."
" අනේ ඉතිං මේක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ පුතේ මං උදව් කරන්නං....."
මං නන්දා අම්මා දිහා බලාගෙන හිනා වෙන ගමන්ම මගේ ඔෆිස් ෂර්ට් ටික එක පේලියට නවන්න පටං ගත්තා....
" ඉතිං ඉතිං නන්දා අම්මේ.....අක්කගෙ බබා එහෙම හොදින් ඉන්නවද අහ්....."
" ඔව් දැන් පොඩි එකාට අවුරුදු අටක්....."
ඒ කතාව ඇහුවා විතරයි මට එලොව පොල් විසික් වෙන්න පටං ගත්තා....
YOU ARE READING
~හීන~
Romansa" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."