28 වන කොටස

495 44 79
                                    

" ඉන්ග්ලිෂ් පේපර් එක නං එච්චර අමාරු නෑ නේද බං

"ම්ම්....."

" අඩෝ ඒක නෙවෙයි රෙහානයා.... මොකක්ද ඕයි අර ඇවිල්ලා තිබ්බ රචනාව.........."

" විකාරයි නේද....."

" මොකද බං මේ... උඹ තාමත් අර ඊයේ රෑ වෙච්ච සිද්ධිය නිසා අවුලෙන්ද ඉන්නේ අහ්......."

" නෑ බං.... "

" එහෙනම්......"

"මචං උඹ අපේ තාත්තා ගැන හොඳට දන්නවනේ නවෝද්...."

" ඔව් ඉතින්....."

" මේ දවස් වල තාත්තගේ හැසිරීම හරි අමුතුයි බං ......"

" අමුතුයි කියන්නේ......."

" මං මගේ තාත්තව හොඳට අඳුරනවා නවෝද්.....එයා ඔය විදියට සන්සුන්ව ඉන්නවා කියලා කියන්නෙම ඔලුව ඇතුලෙන් මොනවමහරි දෙයක් ගැන හොඳ ඇලට් එකෙන් ඉන්නවා කියන එක......"

" දැං ඇයි උඹ ඒ විදියට හිතෙන්නේ......"

" ඊයේ රෑ තාත්තා නන්දා අම්මගෙන් සහස් ගැන අහලා තිබුනා...."

"මොකක්....... ඒ....තාත්තා කොහොමද බං සහස් ගැන දැන ගත්තේ....."

" දන්නෙ නෑ බං...ඒත් ඉතිං දැං කොහොමහරි දැනගෙනනේ....."

"තාත්තා කෙලින්ම සහස්‌ගෙ නම කියලම අහලද රෙහාන්...."

" නෑ බං... තාත්තා සහස් ගැන නමින් දැනගෙන ඉදලා නෑ...... හැබැයි හැඩ හුරුකම් කියනකොට නන්දා අම්මා සහස් ගැන විස්තර කියලා....."

"ෂිට්...... එක අතකට ඉතිං නන්දා අම්මට මුකුත් කියලා වැඩකුත් නෑ බං... ඇරත් ඒ මනුස්සයා මේ දේවල් ගැන මොනවා දන්නවා කියලද ........"

" ම්ම්...... ඒක නෙවෙයි නවෝද්... එදා රෑ උඹලා අපේ ගෙදර ආපු දවසේ තාත්තා ගෙදර හිටියද....."

" කවද්ද......"

" මං තාත්තත් එක්ක රණ්ඩු කරලා අර ප්‍රශ්නයක් දාගත්තෙ... අන්න එදා..... එදා සහසුත් ගේ ඇතුලට ආවානේ..."

" ඔව් හැබැයි එදා නම් උඹලගෙ තාත්තා ගෙදර හිටියේ නෑ බං...."

" ඒ කියන්නේ තාත්තා එදා එලියට ගිහින්ද..."

" ම්ම්...මං නන්දා අම්මගෙන් ඇහුවම එයා කිව්වෙත් අන්කල් එදා කේන්තියෙන් වගේ එලියට ගියා කියලා විතරයි...."

~හීන~ Where stories live. Discover now