93 වන කොටස

367 25 24
                                    


I look forward to seeing that beautiful dimple smile ..... :)

අද උදේ පාන්දරින්ම හම්බ වෙච්ච ඒ පුංචි ඉන්විටේෂන් කාඩ් එක ගැන මතක් වෙනකොටත් මට තනියම හිනා යන්න එනවා...... හරි නම් හවස හය විතර වෙනකොට මං අද එතන ඉන්න ඕනේ...දැනටමත් වෙලාව පහයි කාලයි.... ඉතිං මං ඉක්මනටම ලෑස්ති වෙලා කාමරෙන් එලියට එන්න කලින් තව එකම එක වතාවක් වෙනදා පුරුදු විදියටම මගේ රූපේ දිහා කණ්ණාඩියෙන් බලාගෙනම පහල තට්ටුවට එන්න ආවා.....ඒ එනකොටත් නන්දා අම්මා එයාගේ සේරම වැඩ ටික ඉවර කරලා පහල පුටු සැටියට වෙලා මොකක්දො මන්දා පොතක් කියවන ගමන් හිටියෙ.....

" නන්දා අම්මේ මේ....."

" කියන්න චූටි බේබි......"

" මං ලස්සනයිද අහ්......"

මං නිකං කොලොප්පමට වගේ නන්දා අම්මා දිහාවට ඇහැක් ගහලා එහෙම අහනකොට නන්දා අම්මා මාත් එක්ක හිනා වෙන ගමන්ම පුටුවෙන් නැගිටලා මං හිටපු දිහාවට ඇවිදගෙන එන්න පටං ගත්තා....

" සිරියාවන්ත පාටයි......"

නන්දා අම්මා මගේ මූණ අත ගාන ගමන්ම එහෙම කිව්වෙ හරි ලස්සනට මාත් එක්ක හිනා වෙන ගමන්....

" මේ ෂර්ට් එක දුන්නෙ අයියා.....ඒක හරිම ලස්සනයි නේද නන්දා අම්මේ......"

" ම්ම්....චූටි බේබිට ඔය පාට ලස්සනට ගැලපෙනවා....."

" අයියගෙ චොයිසස් නම් මාරයිනෙ....කාටද ඉතිං ආඩම්බර....අහම්...මං මේ කිව්වෙ.... ආඩම්බර වෙන්න එපැයි නේද ඉතිං....ආඩම්බර වුනයි කියලා ඒකෙ කිසිම අවුලක් ඇත්තෙ නෑනේ නන්දා අම්මේ නේද......අයියෝ රෙහාන් තෝ නම් මහ පොල් පිති හරකෙක්......"

අවසානම වචන ටික මං මටම රහසින් මුමුණ ගන්නකොට නන්දා අම්මා මං දිහා හෙන අමුතු විදියට බලලා එතනින් කුස්සිය දිහාවට යන්න ගියා...

මාළුවා නහින්නෙ උගෙ කට හින්දා කියනවනෙ... කවදමහරි මේ මාත් කූරියා ගහන්නෙ මගේ කටට පින් සිද්ධ වෙන්නම තමයි.....

" නන්දා අම්මේ මං යනවෝ......"

" ගිහිං එන්නම් කියලා කියන්න දරුවො....."

~හීන~ Where stories live. Discover now