60 වන කොටස

366 29 26
                                    

රෑ වෙනකං ඇහැරගෙන ඉන්න එපා කියලා මං කොච්චර නන්දා අම්මට කිව්වත් එයා නෙවෙයි මං කියන දෙයක් සත පහකටවත් මායිම් කරන්නේ......ඔය ඔක්කොටම හපං තව පොඩ්ඩෙන් අපි හැමෝටම සිද්ද වෙන්නේ මේ සේරම පැත්තකින් තියලා නන්දා අම්මව උස්සගෙන ඉස්පිරිතාලෙ දුවන්න....ඇයි ඉතිං මාත් එක්ක ආපු මගේ මාමාව දැක්කම ඒ මනුස්සයට පපුවේ අමාරුව හැදෙන එක ගැන ආයේ අමුතුවෙන් අහන්න දෙයක් තියෙනවද.... වෙච්ච දේ මං උඩින් පල්ලෙන් නන්දා අම්මට පැහැදිලි කරලා දෙනකොට මාමා එහෙම්මම උඩ තට්ටුවට ගියේ එයාගෙ ඇදුම් ටික මාරු කරගන්න ඕනේ කියලා කියාගෙන...ඇයි ඉතිං ඒ ඇදුම් වල ආයේ ගන්නම දෙයක් තිබුනේ නෑනේ......

" අපි දැන් මොනවහරි කාලා ඉමු නේද චූටි බේබි....කෝ රන්දිලු මහත්තයටත් කතා කරලා පහලට එන්න කියන්නකො......"

" අනේ නන්දා අම්මේ දැන් දොලහටත් කිට්ටුයිනේ....."

" එහෙමයි කියලා බෑනේ දරුවෝ....ඔය බෙහෙත් අරගෙන ආපු එකේ ඕක බිව්වා නම් නේද හොද......"

" ඒ වුනාට දැන් නම් මට කන්න පිරියක් නෑ නන්දා අම්මේ....."

" එහෙනම් මං කිරි එකක් හදාගෙන එන්නද....."

" දැන් එපා....."

" ඔහොම නොකා නොබී ඉදලා කොහොමද අසනීප හොඳ කරගන්නේ....ගුටි නොකා මං දැන් හදාගෙන එන කිරි වීදුරුව බොන්න ඕනේ....නැත්තං මං බලාගන්නංකො....."

මට හෙන සද්දයක් දාලා කුස්සිය අස්සට රිංගපු නන්දා අම්මා දිහා මං බලාගෙන හිටියා....ඇත්තමයි වෙලාවකට මෙයා අපේ රන්දිලුට වඩා හපං........

රෑ දොලහටත් කිට්ටු වෙන්න ආවා...ඒත් සහස් තාමත් හිටියේ මේ මාත් එක්ක....

" ඔයා අද ගෙදර යන්නේ නැද්ද අයියේ..."

" යන්න නම් ඕනේ......"

" රෑ වුනා කියලා අප්පච්චි ඔයාට බනීද දන්නෙ නෑ......"

" ඒ මනුස්සයා කවද්ද බං මට හොදින් කතා කරේ......"

" එහෙනම් තව පරක්කු වෙන්නැතුව ඔයා  ගියා නම් හොදයි නේද අයියේ....."

" උඹ බෙහෙත් ටික බිව්වට පස්සේ මං යන්නම්....."

මේ මෙයාලා එක්ක බෑ අනේ .... බැලුවොත් ඇත්තං මුන් සේරම ඉන්නේ වෙද නලාව අතට ගත්තු ගමන්මනේ..... මං හිතන්නෙ ගිය ආත්මෙ ඔය සෙට් එකම ඇවිල්ලා අර වෙද පප්පගෙ පරම්පරාවෙ ජීවත් වේචච පොරවල් වෙන්න ඕනේ... නැත්තං ඉතිං මෙච්චර බෙහෙත් වලට ඇලුම්පාන්න මොකෝ මෙයාලගේ පිටිපස්ස කසන්නෙ නෑනේ.....

~හීන~ Where stories live. Discover now