" පුතේ....පුතේ රෙහාන්....."
" ම්ම්....."
" කෝ දැන් නැගිටලා මේ බෙහෙත් ටික බීලා හිටපං පුතේ...."
" අනේ......මාමේ....."
" ඇයි රත්තරනේ....."
" සීතලයි නෙ....."
" හරි..හරි...මේ බෙහෙත් ටික බිව්වට පස්සේ ඕක ඇරිලා යයි....... "
" ම්ම්......"
නලල උඩ තිබිච්ච රෙදි කෑල්ල මං නැගිටිනවත් එක්කම වගේ මගේ ඔඩොක්කුව උඩට වැටුනා..... ඇස් දෙක නිකං ස්ටීමර් එකක් අස්සෙන් එලියට ගත්තා වගේ..... එච්චරට දැවිල්ලයි ඒ වගේම හරි සනීපයි ....
" හවස් වෙනකං බලලා අඩුවක් තිබුනේ නැත්තං එහෙම අපි බෙහෙත් ටිකක් ගන්න යමුද පුතේ...."
" බලමුකො මාමේ......."
මාමා මගේ අතට එයා අරගෙන ආපු කිරි වීදුරුව දුන්නෙ මගේ ඔඩොක්කුව උඩට වැටිච්ච අර රෙදි පාංකඩ කෑල්ල එතනින් එහාට කරන ගමන්....
" මාමා අද වැඩට ගියේ නැද්ද....."
" නෑ පුතේ මං අද හාෆ් ඩේ එකක් දැම්මා....."
" ඇයි ඒ......"
" උඹට ඒ පැහිච්ච කම් වලින් වැඩක් නෑනේ...."
" හාකො ඉතිං....... කෝ මාමේ නැන්දා....."
" නැන්දා තාම උයනවා....... "
" අම්මෝ කේතකීගෙ කෑම වල සුවඳ.......ඒ වුනාට මට නං දැන් බත් කන්න පිරියක් ඇත්තෙ නෑ මාමේ....."
" ඔය ඉතිං උඹ නටන්නෙ මට කියලා උඹව අර වත්තෙ තියෙන කොස් ගහේ එල්ල ගන්න තමයි පුතේ හරි........"
" මොනාද අප්පා.... අසනීප ළමයට චුට්ටක් ආදරෙන් කතා කරන්නකො රන්දිලු....."
" ආදරේ ඉතිං මං උඹට කියන්නෑ ....."
" කියන්න ඕනෙ නෑ පෙන්නුවහම විතරක් ඇති....."
" යැයි යැයි තමයි....දැන් උඹෙ ඇගට පොඩි හරි සනීපයක් දැනෙනවද පුතේ....."
මාමා මගෙන් එහෙම ඇහුවේ මගේ නළලට අත තියලා බලන ගමන්..
" පාන්දරට වඩා නම් දැන් ඇගට පොඩි සනීපයක් දැනෙනවා මාමේ...."
" බෙහෙත් වේල් තුන හතරක් ඇගට වැටෙනකොට ඕක නිකම්ම අඩු වෙලා යයි....."
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."