124 වන කොටස

431 30 53
                                    

" මිස්ටර් රෙහාන් මං දැන් සර්ව නාවන්න ඕනේ...."

" හරි අනුරාධ....ඔයා ඒ වැඩ ටික බලලා කරගන්න....මං අදයි හෙටයි මෙහෙ නෑ...........මොනවහරි අසෙන්ෂල් දෙයක් තිබුනොතිං ඓහෙම අනිවාරෙන්ම මට ඒ ගැන කියන්න ඕනේ තේරුනාද......"

" ඕකේ මිස්ටර් රෙහාන් මං ඉන්ෆෝම් කරන්නං......"

" තැන්ක් යූ..... "

මේ ගෙවිච්ච දවස් දෙක තුන පුරාවටම මං මගේ වැඩ රාජකාරිත් එක්ක සෑහෙන්න දුරට බිසී වෙච්ච හින්දම තාත්තගෙ සාත්තු සප්පායම් වැඩ ටික කරන්න කියලා මං මේල් නර්ස් කෙනෙක්ව අපේ ගෙදරට ගෙනල්ලා නවත්ත ගත්තා..... හැබැයි ඉතිං මට නිදහසක් ලැබුණෙ මොන වෙලාවටද මං ඒ හැම වෙලාවකදිම වගේ මගේ තාත්තා ගැන හොදට හොයලා බැලුවා මිසක් තියෙන හැම වැඩේම මං අනුරාධගෙ කර පිටට දාලා ඔහේ බකං නෙලං බලාගෙන ඉන්න ගියේ නෑ..... කොටින්ම මං අනුරාධව මෙහාට ගෙන්න ගත්තෙ මං තාත්තා ළග නැතිවෙලාවට තාත්තා ගෙදර තනි වෙන හින්දයි..... නන්දා අම්මා ඉන්නවා තමයි....ඒත් ඒ මනුස්සයට පුලුවන්ද  තනියම පිරිමියෙක්ව ආං බාං කරගන්න....

" එහෙනම් මං රූම් එකට යනවා තාත්තා...."

" හරි පුතා දැන්ම යන්නේ නෑනේ...."

" නෑ තාත්තා වොෂ් එකක් දාගෙන එන්නකො...ෂාන් අයියලා එනකොට තව පරක්කු වෙනවලු....."

" එහෙනම් ගිහිං කන්න....."

" දැන් බෑ පොඩි රිපෝට් එකක් චෙක් කරලා ඒක ෂෙහාරාට යවන්න තියනවා....තාත්තා වොෂ් එකක් දාගෙන සාලෙට එන්නකො...මං පස්සෙ කන්නං....."

මං තාත්තත් එක්ක හිනා වෙන ගමන්ම එයාගෙ රූම් එකේ දොර වහලා දාලා එහෙම්මම එතනින් ගෙදර සාලෙ දිහාවට ඇවිදගෙන එන්න ආවා..මං දැනටමත් තාත්තට ගෙදර පහල තට්ටුවෙන් කාමරයක් ලෑස්ති කරලා දීලයි තියෙන්නේ....හිතුවොත් ඉතිං කරන්න බැරි දෙයක් ඇත්තෙ නෑනේ....හැබැයි ඉතිං ඒකෙන් සිද්ද වුනේ අපෙ නන්දා අම්මට චුට්ටක් එයාගේ කාමරේ වෙනස් කරන්න සිද්ද වෙච්ච එක...අවුලක් නෑ.....නන්දා අම්මා පිට් එකේ ඉන්න හින්දම මට මගේ වැඩේ තවත් ලේසි වුනා............

" රෙහාන් උඹ කන්නැද්ද බං......."

සාලේ වීදුරු ස්ටූල් එක උඩ තිබිච්ච මගේ ලැප් එක ගන්න කියලා හිතාගෙන මං පොඩ්ඩක් එතනට ආවා විතරයි අර මහිම කියන කක්කුට්ටගේ මනුස්ස පරානේ ඒ පාර මෙතන කෑම වට්ටෝරුවක් ගැන කියවන්න පටං ගත්තා...මං දන්නවා මට කෑ ගැහුවෙ නැති වුනාට මොකද අයියා ඔය සංවාදේ දිහාවට එයැයිගෙ රබර් කන දාගෙන තමයි ඉන්නෙ...කට කැඩෙනකං මං මේ මිනිහට කිව්වා අද ඔෆිස් ගිහිං හවස් වෙලා මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න කියලා... කොහෙද ඉතිං ඔය සේරටම වඩා මිනිහට ලව් මාන්දම ඔලුවට ගහලනෙ....අන්තිමට ලොක්කට සිද්ද වෙන්නෙ වර්ක් ෂොප් එක වහලා දාලා ගිහින් පංචිකාවත්තටම සෙට් වෙන්න තමයි.....

~හීන~ Where stories live. Discover now