140 වන කොටස

807 37 70
                                    

වෙනදා පුරුදු සරල ජීවිත රටාවම තමයි...පාන්දර හතරට විතර මං නැගිට ගන්නවා....ඊට පස්සේ උයනවා.... මගේ මහත්තයා පැත්තක ඉදගෙන මට පොල් ගාලා දෙනවා...ඔන්න පහ මාරට විතර අනිත් අඩුපාඩුවත් නැගිට ගෙන තාත්තා කෝ කිරි එක කියාගෙන කුස්සිය දිහාවට දුවගෙන එනවා........

ඊයේ රෑ ගෙදර එන්න පරක්කු වෙච්ච හින්දම මං සහස්ව නැගිට්ටවන්න ගියේ නෑ.... ඉතිං කන ළග වැදිච්ච මගේ එලාම් එකට පින් සිද්ධ වෙන්න බොහොම අමාරුවෙන් නැගිට ගත්තු මම ගෙදර කුස්සිය දිහාවට ඇවිදගෙන එන්න ආවේ හැමදාම වගේ මගේ සුපුරුදු රාජකාරිය අදත් කරන්න ඕනේ කියලා හිතාගෙන...වෙන මොනවද ඉතිං මේ ගෙදර ඉන්න අප්පච්චිටයි පුතාටයි මං අරං හදා ගත්තු පුතාටයි බත් තම්බන රාජකාරිය තමයි.... හැබැයි මං ඒ දේවල් කෙරුවේ ලොකු ආදරේකින්........මොකද මගේ මුලු ලෝකෙම වුනේ එයාලා දෙන්නා...... එක්කෙනෙක් මගේ සහස්...අනිත් කෙනා තමයි මගේ සහස්ගෙ ෆොටෝ කොපිය....ආයෙ කියන්න දෙයක් නෑ අප්පගෙ ගති ගුණ ටික ඒ විදියටම පුතණ්ඩියා ගාවත් වෙනසක් නැතුවම පිහිටලා තියෙනවා...වැඩේ කියන්නෙ අපේ අභී හිටපු ගමන් සහස්ගෙ අප්පච්චි වගෙත් හැසිරෙන එකනෙ.....ඊයෙ රෑත් දෙන්නත් එක්ක මොනවටද මන්දා මරාගෙන උඹ සීයා අප්පච්චිගෙ රී බර්ත් එකක්ද මන්දන්නෑ කියලා සහස් බනිනවා මං අහගෙන....එව්වා මේ හුදෙක්ම දෙන්නගෙ සුලු සුලු අත්වැරදීම් හින්දා සිද්ද වෙච්ච රණ්ඩු සරුවල් විතරයි...ඒ ඇරෙන්න සහස් අපේ පුතාට පණ ඇරලා....අනිත් එකත් ඉතිං එහෙම්මම තමයි.....වෙලාවකට තාත්තා පිට එකා වෙලා අප්පච්චි පුතයි විතරක් මේ වහල යට සාමයෙන් සමගියෙන් පවුල් කාපු අවස්ථාත් නොතිබුනාම නෙවෙයි.....

" ඇයි මාව නැගිට්ටුවෙ නැත්තෙ චූටී......"

සින්ක් එක ගාවට වෙලා අතට ගත්තු හාල් ටික හෝද හෝද හිටපු මාව එකපාරටම වගේ ගැස්සිලා ගියේ මං වෙන කල්පනාවක හිටපු හින්දයි....

" මොකෝ බං මේ බය වෙලා...."

" අහ් නෑ මං මේ වෙන කල්පනාවක හිටියෙ....."

" ම්ම්....ඇයි ඉතිං මාව නැගිට්ටුවෙ නැත්තෙ...."

" ඔයා ඊයෙ රෑ ගෙදර එනකොට පරක්කු වුනානෙ අයියෙ... ඉතිං මං නැගිට්ටුවෙ නෑ....."

~හීන~ Where stories live. Discover now