126 වන කොටස

423 28 27
                                    

රෑට අපිට කන්න නොදී ඔයා වැලි තලප පිඟානක් දීලා ෂේප් වෙන්නද හදන්නෙ කේතකී කියලා අපේ නැන්දගෙන් අහන්න ගිහිං අවුරුදු ගානකට පස්සේ මං අද පොල් බෑයකිනුත් ගුටි කෑවා....පොල් බෑයක් කියලා කිව්වට මොකද ඒක මේ අපේ මාමා ගාලා ඉවර කරපු පොල් කට්ටක් විතරයි හොදේ....ඇරත් පොල් බෑයකින් අපෙ නැන්දා මට දමලා ගහයිද අනේ.....ඔන්න මාමා ගුටි කෑවොත් මිසක් මේ චූටි පුතාට නැන්දා එදා වගේම අදත් උස්සන්නෙ ගෙදර කොස්සයි පොල්කටු හැන්දයි විතරමයි.......

" කෝ ආ ගාපංකො හිච්චි පුතේ..."

" අනේ මාමේ....ඔය වම්බට්ට අනන්න එපා වදේ...."

මං වම්බට්ට කියලා කිව්වා විතරයි ෂාන් අයියා හෙන කැත විදියට මෙතන හිනා වෙන්න පටං ගත්තා....ෂික්කෙ මුගේ වල් කම විතරක්....අපෙ රන්දිලුට තේරුනාද දන්නෙත් නෑ....."

" මං නං කවන්නෙ උඹ කට පියාගෙන මේක කෑවොත් හොදයි පුතේ....හරී.... නැත්තං එහෙම උඹට වීදුරු පිගානකිනුත් ගුටි කන්න සිද්ද වෙයි....."

" මහ දුෂ්ටයි අප්පා... බලන්නකො කේතකී මෙයා...."

" හැම තිස්සෙම පුතාට බනින්න තියා ගන්න එපා රන්දිලු...."

" ඒකනෙ කියන්නෙ නැන්දට විතරයි මගේ ජුක තේරෙන්නේ....."

" මොකෝ ඒ පාර උඹට මව් භාෂාවත් අමතක වෙලාද අහ්...."

" නැන්දෙ....."

" රන්දිලු....! "

" හරි හරි මං කට පියාගෙන ඉන්නං....."

අන්න දැක්කද....මොන සිංහයත් ඉතිං සිංහ දේනුවට සැලෙන්ඩර්....ඉස්පෙසලි අපේ රන්දිලු ආකාෂ්‍ය පෙරේරා....කාට නැතත් අපෙ මාමා නැන්දට පණ බයයි...එයා නං කියන්නෙ ඒක ගෞරවේ කියලා....ඒ වුනාට අපි දන්නැද්ද අපෙ මාමාගෙ ගෞරවේ .....වතාවක් මෙයා ඕන්නැති වැඩක් කරන්න ගිහිල්ලා අපෙ නැන්දගෙ බත් වලදකිනුත් ගුටි කෑවා වගේ මට මතකයි.... එච්චරට ස්වාමි භක්තිය වෑහෙනවා...අනේ ඇස් වහක් කටවහක් නං වදින්න එපා කවදමහරි මගෙ මස්සිනාට සිද්ද වෙන්නෙත් ගෙදර හැලි වළං වල හැදිච්ච හිල් ටික වහ වහා ඉන්න තමයි......මොකද මගේ යාලුවා අපෙ නැන්දට වඩා  හපං....ඌ උස්සන්නෙ බත් වලද නෙවෙයි... පුලුවන් නං මහිමයා කරන වැඩ වලට ඕකා ගෑස් සිලින්ඩරෙන්ම ගුටි කයිද කියලත් මට සැකයි... එච්චරට උඹ කසාද බැදගන්න ඉන්න මනුස්සයගෙ ඉවසීම හරිම ප්‍රබලයි මහී අයියේ..

~හීන~ Where stories live. Discover now