61 වන කොටස

533 41 65
                                    

දවස් දෙක තුනකින් ටිකට් කපයි කියලා හිතුවට මොකද අදට අපේ නැන්දව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා දවස් අටකුත් ගෙවිලා ගිහින්....පව් මගේ මාමාගේ වැඩේම එහෙට දුව දුව මෙහෙට දුව දුව නැන්දට අවශ්‍ය කරපු දේවල් ගෙනත් දුන්නු එක... මාත් මට පුලුවන් විදියට මගේ මාමාත් එක්කම හිටියා ...ඔය සහස් මහිම ඒ වගේම නවෝද් එහෙමත් මේ වෙලාවේ අපිට සෑහෙන්න උදව් කරා...ඒ විතරක්ද අර අපේ දුටුගැමුණු එලාර ජෝඩුව පවා උන් දෙන්නට පුලු පුලුවන් වෙලාවට ඇවිත් මගේ නැන්දව එහෙම බලලා ගියා ... දෙයියන්ගෙ පිහිටෙන් දැන් අපේ මාමාට එක පුතෙක් වෙනුවට පුත්තු හය දෙනෙක්ම ඉන්නවා.. මාමාගේ තියරියට අනුව නම් ෂාන් අයියයි රිතික අයියයි කියන්නේ හොඳ විනයක් තියෙන හැදිච්ච ගුණ යහපත් දරුවෝ දෙන්නෙක්ලු....උන් දෙන්නගේ ගුණ යහපත් කම් ගැන කතා කරන්න ගියොතිං එහෙම මට නැති කුණුහර්පත් මතක් වෙනවා.. .මොනවා වුනත් අපිට බැරි වෙච්ච වෙලාවෙ උන් සේරම අපේ ලගින් හිටපු එකනම් වෙලාවේ හැටියට මටයි මගේ මාමාටයි ලොකු හයියක් වුනා..අයියට පින් සිද්ධ වෙන්න මට දැන් මගේම කියලා අලුත් පවුලක් ලැබුනා කියලා කිව්වොත් මං හරී...මොකද සතුටෙදි ලන් වෙන උන්ට වඩා දුකකදි කරදරේකදි අපේ ලගින් ඉන්න මිනිස්සුන්ට තමයි කවදහරි අපේ ජීවිත ඇතුලේ වුනත් ලොකු ඉඩ කඩක් වෙන් වෙන්න ඕනේ.....

ඉස්කෝලෙ ඇරිලා අද ගෙදර යන්න කලින් ෂාන් අයියා මටයි නවෝද්ටයි පොඩ්ඩක් නවතින්න කියලා කිව්වා....මං හිතන්නේ ඌට මොකක්හරි දෙයක් ගැන අපෙන් අහගන්න ඕන වෙලා ඇති.... ෂාන් අයියා ඉන්න කියපු හින්දම මායි නවෝදුයි අපේ කැන්ටිම පැත්තට එන්න ආවේ අවේලාවේ ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා දැක්කොතිං එහෙම එතන තව ලෙඩක් වැටෙන හින්දයි....අරූ නම් මෙතනට ආවත් හරි දැන් විනාඩි දහයක් දිස්සෙ ඉදන් වොෂ්රූම් එක අස්සේ රිංගගෙන.....ඒ මන්දා මේ මී හරකට ඒ පාර දිය වැඩියාව හැදිලද මන්දන්නෑ.....


" ඉදා......."

වොශ්රූම් එක පැත්තේ ඉදන් දුවගෙන ආපු නවෝද් මගේ දිහාවට පේර ගෙඩියක් විසික් කරා

" මොනවද යකෝ තෝ මෙච්චර වෙලා කක්කුස්සිය අස්සේ රිංගගෙන පොල් ගෑවද අහ් ......"

~හීන~ Where stories live. Discover now