98 වන කොටස

290 20 28
                                    

" දැන් උඹ සිරාවටම එහෙම කතාවක් ගැන ඔය ගෑනිත් එක්ක කියන්න ගියෙ නැද්ද රෙහාන්....."

" පිස්සුද මාමේ....මං....කොල්ලෙක්ට කැමති වෙන්න....ඊයා...... ඔයාට පිස්සුද අනේ මං ඒ ජාතියෙ එකෙක් නෙවෙයි.....මං ස්ට්‍රේට්.....s....t...r....a....i....g ...h...t....... Straight........මට පෙන්නන්නම බැරි පාට තමයි ඔය දේදුන්නෙ පාට හත..... කවදහරි ඔයාගේ චූටි පුතා කැන්දගෙන එන්නේ මේ සහස් අයියා වගේ හැදිච්ච නිවිච්ච මලෙන් උපන් කුමාරිකාවක් වගේ දරු පැටියෙක්ව...කොල්ලොන්ට ලව් කරන්න මේ මම..... හොදට තියෙයි....ලැජ්ජ හිතෙන කතා කියන්න එපා මාමේ....."

අයියා මං දිහා බලාගෙන හිටපු විදියට නං මට මී පාසානං කෑල්ලක් දිය කරලා බොන්න හිතුනා සාන්ත......මට සමාවෙන්න අයියේ....මේ හැම කැප කිරීමක්ම කරන්නෙ ඉතිං අපි දෙන්නගෙ අනාගතේ ගැන හිතලනෙ....

" මොකෝ මහිම පුතේ උඹ හිනාවෙන්නෙ....."

අනේ අම්මපා ඇත්තමයි මේ කොකටුවා නං මාව කන්නම ආපු 3සනෙක්......ඔහොම හිනා වෙනකොට මගේ තාත්වික රංගනය ගැන මාමාට වුනත් සැක හිතෙනවා කියන්න මේ පොල් පිති හරකට තේරෙන්නේ නැද්ද මං අහන්නේ....

" නෑ නෑ මාමේ...මට මේ පරණ සිද්ධියක් ගැන මතක් වුනා....ඔයාලා දිගටම ඔය කතාව කරගෙන යන්නකො....."

" ඒක මිසක්....ඈ කොල්ලො.....දැන් උඹ අර ගෑනිට නිකං කොලොප්පමටවත් ඔය වගේ කතාවක් ගැන කියන්න ගියේ නැද්ද අහ්....."

" නෑ ......"

" අනේ මේ පලයං බං යන්න මන්දන්නැද්ද උඹෙ හැටි...උඹ එකපාරක් ඔය ගෑනිගෙ මිදුලට රතුපාට තීන්ත ගාපු දෙහි බෑයකුත් විසික් කරපු මනුස්සයනෙ....."

" අපරාදේ අපිට තිබ්බේ ඕකිට හොද හූනියමක් කප්පවන්න ඒයි..... අනුන්ගේ මගුල් හොයනවා මෙතන ඒකිගෙ දුව අරෙහෙ නටන්න පුලුවන් දහ අට වන්නමම නටනවා.....මාමාට කියන්න මාමේ ඕකි ගිය අවුරුද්දේ යාලු වෙලා හිටියෙ අපේ ඉස්කෝලේ හිටපු හෙඩ් පිපෙට් අයියත් එක්ක.....දැන් මේ ඊයෙ පෙරේදා ඉදන් අපෙ තීක්සනයත් එක්ක යාලු වෙලා....ඔව් අනේ ඒකි මේ වැලන්ටයින් එකට අරුත් එක්ක කාමර අස්සෙත් රිංගලා තිබුනා....පිස්සු හූනියම කාලයක් මේ මටත් ලයින් දැම්මා කියහන්කො මාමේ....ඇයි අපේ නවෝද්ට....මේකි එකපාරක් අපේ නවෝත්ට පෙම් හසුනකුත් ලියලා දුන්නා....අම්මා වගේම නැතැයි ඉතිං ඔය සෙව්වන්දියත්......පිට නිකං තුනී ලෑලි සංස්තාවෙ සභාපති වගේ....ඉස්සරහත් මේං මෙච්චරක් විතර නාරං ගෙඩි දෙකක් තියාගෙන මුලු ටවුන් එකේම කෑල්ල කියලා හිතාගෙන ඉන්නෙ...අනේ ඇවිදින කොට බයේ බෑ අත පය හතර ගැලවිලා බිමට වැටෙයි කියලා....එක ගහනකොට ඇදගෙන වැටෙන සයිස් එකට ඉදගෙන එනවා මෙතන තව කොල්ලො රන් කරන්න...."

~හීන~ Where stories live. Discover now