135 වන කොටස

471 30 48
                                    

උදුවප් මාසේ කියලා කියන්නෙම ඉතිං ලොකු පොඩි භේදයක් නැතුවම නත්තල වෙනුවෙන් ලක ලෑස්ති වෙච්ච මාසයක්... ඉතිං ගෙවිලා ගියපු නත්තල් උත්සව ගැන මං කතා නොකර ඉන්නං......මොකද  අපි හැමෝම එකිනෙකාට ලස්සන පොරොන්දුවක් දී ගත්තා....ඒ තමයි තවදුරටත් අපි අපේ අතීතය ඇතුලේ ජීවත් වෙන්නෙ නෑ කියන කාරණාව ගැන....... වෙච්ච දේවල් නම් මැරෙන තුරාවටම අපිට අමතක වෙලා යන එකක් නැති වෙයි.... හැබැයි තව දුරටත් ඒ මතක අස්සෙ ලතැවෙවී විදවන්න තරම් අපි කවුරුවත්ම එච්චර මෝඩ වුනේ නෑ.....

මං හිටියේ ගාඩ්න් එකේ පැත්තකට වෙලා මගේ පවුලෙ මිනිස්සු දිහා බලාගෙන....අද අවුරුදු ගානකට පස්සේ නැන්දට එයාගේ එකම සහෝදරයත් එක්ක එයාගෙ නත්තල සමරන්න පුලුවන් වෙලා....ඔව් ඕස්ට්‍රේලියාවට ආවත් හරි අපි නතර වුනේ සිදත් අන්කල්ලගෙ ගෙදර....මටනං ඉතිං මෙතන පුරුදු නැති තැනක් නෙවෙයි....මොකද මං අවුරුදු තුන හතරකට කිට්ටු වෙන්නම හිටියෙ එයාලත් එක්කනෙ...ගෙදර නං එච්චර ලොකු නැති වුනාට මොකද එයාලගෙ ගාඩ්න් එක නං ආයේ නියමෙටම තිබුනා.... ඉතිං ඒකම තමයි අයියලගෙ මැදිහත් වීමෙන් අපේ නත්තල් උත්සවය අද ගෙදර ඇතුලෙ වෙනුවට මේ වත්තෙ සෙලිබ්‍රේට් කරනවා කියලා අපි හිතා ගත්තේ.......

" මොකෝ බං මෙතනට වෙලා තනියම හිනා වෙන්නේ...."

එකපාරටම වගේ මගේ එහාපැත්තෙන් ඇහිච්ච කටහඬ හින්දා මාව ගැස්සිලා ගියා.....බැලින්නං ඒ ඇවිල්ලා හිටියෙ මගේ මස්සිනා......

" මෙහෙම දේවල් දකිනකොටත් මට හරි ආසයි අයියේ......"

" ම්ම් ....... සෑහෙන්න කාලෙකට පස්සේ තමයි බං අපිත් මේ නත්තලක් කියලා දෙයක් සමරන්නේ......."

" රට හිටපු කාලේ මට නත්තල කියන වචනෙ ඇහුනත් හරියට කේන්ති යනවා......"

" වෙච්ච දේවල් වුනා.... දැන් ඒ දේවල් ගැන ආයෙ කතා කරලා වැඩක් නෑ රෙහාන්......"

" ඇත්ත..... ගෙවිලා ගියපු අවුරුදු ගාන ගැන නං ආයෙ කතා නොකර ඉන්න තරමට හොදයි ......."

" යමං අර පැත්තට......"

" ම්ම්....."

මං මහිම අයියත් එක්කම ඇවිදගෙන ආවේ කස්ටිය BBQ දාන දිහාවට....අයියට නං ලොකු වැඩක් සෙට් වෙලා.....එතකොට සිදත් අන්කල් එයාගේ හස්බන්ඩ් එක්ක එතන කෑම බීම ගැන බලා ගන්නකොට එතන හිටපු කාන්තා පාර්ශවයට භාර වුනේ ඔය කෑම මේසෙ එහෙම පිළිවෙලකට හදන රාජකාරිය ඉෂ්ට සිද්ද කරන්න......ඒ අස්සෙ මගේ තාත්තයි මාමායි චිරාත් අන්කලුයි අපේ ෂාන් අයියගෙ අප්පච්චි ලොකු කතාවක...නිකං නෙවෙයි බියර් වීදුරු  තුන හතරකුත් එයාලගෙ අත් වල පාලු මකන ගමන් තිබුනා.....ඇත්තටම හරි  සතුටුයි....කවුරු නැතත් මගේ තාත්තයි මාමායි මේ විදියට එකට ඉන්නවා දකිනකොට නං මට ඇත්තටම අද හුඟක් සතුටු හිතුනා.....

~හීන~ Where stories live. Discover now