117 වන කොටස

464 35 63
                                    

කොච්චර කොහොම මගේ ඇඟට විවේකය ඕන වුනත් ඇස් වලට නම් ඕන වුනේම මහ රෑ දෙගොඩ හරිය වෙනකනුත් ඇහැරගෙන ඔහේ කල්පනා කරන්න වෙනකොට මට ඊයෙ රෑත් හරි හමං විදියක නින්දක් ලැබුනෙ නෑ....ඔලුව පුපුරන්න තරම් වේදනයි....ඒ අස්සේ මං තාමත් හිටියෙ අර ඊයේ රෑ ඇදගෙන හිටපු ඇදුම් දෙක පිටින්ම වෙනකොට සේරටම වඩා මාව මෙතන කසන්න පටං ගත්තා.... දත් ටික මැදගන්න මට බ්‍රශ් එකක්වත් මෙහෙ තිබුනේ නෑ.....ඊටත් හපන් මං මගේ අල්මාරිය අස්සෙ තිබිච්ච පරණ ඇදුමක් මගෙ අතට අරගත්තා විතරයි මට සංසාරෙත් එක්ක කලකිරුණා....යකෝ මං ඒ දවස් වල මෙච්චර කෙට්ටුවට හිටියේ නෑ හත්තිලව්වේ.....මේ ඇදුම සීතලට ඇකිලිලා ගිහින්ද කොහෙද....අන්න එහෙම හිතපු මම වෙන කරන්න දෙයක් තිබුණෙ නැති තැන ඒ ෂර්ට් එක ආපහු අල්මාරිය අස්සටම ඔබලා දාලා තාත්තගේ කාමරේ දිහාවට ෂේප් එකේ ඇවිදගෙන එන්න ආවා.....එහෙම ඇවිල්ලා  මං කෙරුවේ තාත්තගෙ බාත් රූම් එක අස්සට රිංගලා ඒකෙ තිබිච්ච අලුත්ම සිග්නල් කැවිටි එක්ස්පර්ට් ටූත් පේස්ට් එක හොරාවට උස්සපු එක..........මොකද මට දැං මොන සන්නියක් නටලා හරි මගේ මේ දත් ඇන්ද මැදගන්න ඕනේ......

තාත්තා තාමත් හොදටම නිදි...... අන්තිමට එහෙනම් මං බලාපොරොත්තු වෙච්ච ඒ තාත්තා කියන චරිතය මට හම්බවුනා.... සතුටුයි..... හැබැයි දුකකුත් නැතුවම නෙවෙයි..... ඒත් පරක්කු වෙලා හරි ඔයා වෙනස් වෙච්ච එක ගැන නං මට ඇත්තටම හුගක් සතුටුයි තාත්තේ....

තාත්තා දිහා බලාගෙන හිටපු මගේ මූණේ පුංචි හිනාවක් ඇදුනෙ ඉබේටමයි...... විනාඩියක් දෙකක් විතර ඒ විදියට තාත්තා දිහා බලාගෙන හිටපු මම බිත්තියෙ එල්ලලා තිබිච්ච ඔරලෝසුවේ පැය කටුව අටේ ඉලක්කම ගාවින් නතර වෙනවත් එක්කම වගේ තාත්තගෙ කාමරේ දොර හෙමීට වහලා දාලා එතනින් කෙලින්ම අපේ සාලේ දිහාවට එන්න ආවා.......

" නන්දා අම්මේ...... මගේ කිරි එක....."

" මේසෙ උඩ තියෙනවා චූටි බේබි........."

වෙනදා පුරුදු විදියටම මං අදත් ගෙදර පඩි පෙල බහින ගමන්ම නන්දා අම්මේ මගෙ කිරි එක කියලා මුලු ගේම දෙවනත් වෙන සයිස් එකට මෙතන බෙරිහන් දුන්නට මොකද මං ඒ කරපු වැඩේ ගැන මට ඇත්තටම ලොකු තේරුමක් තිබුනේ නෑ..... කොටින්ම මට අමතක වුනා...මං මගේ ගෙදරට මේ ඇවිත් තියෙන්නෙත් අවුරුදු ගානකට පස්සේ නේද කියන එක පවා මට විනාඩි ගානක් ඇතුලත අමතක වෙලා ගියා.... සරලවම මං ආයෙම වතාවක් අර අවුරුදු අටකට කලින් හිටපු රෙහාන්වම මගෙන් එලියට ඇදලා අරගෙන තිබුණා..... එක තත්පරේකට මට ආයෙම වතාවක් අර පරණ හිටපු රෙහාන්වම ආයෙත් ගෙන්න ගන්න පුලුවන් වෙලා තිබුනා....හරියටම කිව්වොත් ඒක නිකං මේ අතීතෙ සිද්ද වෙච්ච දෙයක් ආයෙම වතාවක් අලුත්ම තැනක අලුත්ම විදියට සිද්ද වුනා වගේ මහ අමුතුම විදියක හැගීමක් කියලා කිව්වොත් මං හරී.....අනේ මන්දා මට ඒ හැගීම ගැන විස්තර කරගන්න හරියටම තේරෙන්නේ නෑ.....ඒ අස්සෙ අර ඔලීවියා අක්කගෙ ඩෙජා වූ සින්දුවත් මගේ ඔළුව ඇතුලේ දැන් දෝංකාර දෙන්න පටං අරගෙන......

~හීන~ Where stories live. Discover now