86 වන කොටස

355 22 29
                                    

අද ජනවාරි තුන් වෙනිදා.....

සාමාන්‍යයෙන් නත්තල් නිවාඩුවට පස්සේ ගවර්මන්ට් ස්කූල්ස් නම් ජනවාරි දෙවෙනිදා වගේ වෙනකොට ඕපන් කරනවා ...ඒත් ප්‍රයිවට් ස්කූල් එකක් වෙච්ච අපිට ඉස්කෝලෙ නිල වශයෙන් ආරම්භ කරන්නෙ ජනවාරි තුන් වෙනිදා.....

සකූල් එකට ගොඩ වෙච්ච ගමන්ම වගේ මං කෙරුවෙ බෑග් එක තියන්න ක්ලාස් එකට යන්නත් කලින්ම කැන්ටිම පැත්තේ පොඩි රවුමක් දාලා එන්න ඕනෙ කියලා හිතපු එක....මොකද මට උදේ පාන්දරම අද ගැස්ට්‍රික් ඇවිස්සිලා....දැන්ම ගිහිල්ලා කිරි පැකට් එකක් ගැහුවෙ නැත්තං එහෙම දවල්ට කන්න කියලා ඔතලා දීපු නැන්දගෙ බත් එකත් මට අහක දාන්න සිද්ද වෙනවා... හැබැයි ඉතිං අහක දාන්න නම් සිද්ද වෙන එකක් නැති වෙයි....මොකද හත් අවුරුද්දකින් විතර කාලා නැති සෝමාලියන් සම්බවයක් සහිත යාලුවො සෙට් එකක අයිතිකාරයෙක් වෙච්ච මට හික් ගෑවිලා ගියත් මගේ බත් එකටනම් කිසිම අතුරු ආන්තරාවක් සිද්ද වෙන්න ඔය මල පෙරේත පැටව් ටික ඉඩ තියන්නෙ නෑ කියලා මට කැට තියලම කියන්න පුලුවන්.....

නවෝද් තාම ඇවිල්ලා හිටියේ නෑ... කොහොමත් මගේ ගං කොකටුවා මේ පාසල් භූමියට අඩිය තියෙනකොට අඩුම තරමෙ හතයි දහයවත් පයිනවා.... ඉතිං ඒ හින්දම මං කෙලින්ම ආවේ අපෙ හංස සෑර්ගෙ වාස භූමිය වෙච්ච ස්කූල් එකේ කැන්ටිමට පස්සෙ මං ඉන්න ආසම කරපු තැනට.....

" ගුඩ් මෝනින් සෑර්....මොකතේ මේ උදේ පාන්දර දාඩිය පෙරාගෙන කරන්නෙ....."

" අහ්....ගුඩ් මෝනින් පුතා.....මං මේ මියුසික් රූම් එක පොඩ්ඩක් අස් පස් කරලා දාන්න කියලා බැලුවෙ.....බලන්නකො එක මාසයයි මේක වහලා තිබ්බෙ....ඒ මාසෙට මේක නිකං ස්ටොරු කාමරයක් වගෙ හැඩි වෙලා ගිහින්....."

" ඉන්න මාත් උදව් කරන්නං......"

" එපා රෙහාන්...ඔය ඇදුම් වල දූවිලි ගෑවෙයි ළමයො...."

" හරි හරි සෑර් අවුලක් වෙන්නෑ මාත් උදව් කරන්නං...."

" හරි එහෙනම් අර පියානෝ එක උඩ තියෙන පොත් පත් ටික පොඩ්ඩක්  අස් පස් කරලා දාන්නකො පුතා...."

" හරියෝ....."

හංස සර් එයාගේ මේසෙ උඩ තිබිච්ච දුවිලි ටික පිහි දාගන්නකං මට බාර වුනෙ පියානො එක උඩ තිබිච්ච පොත් පත් ටික අඩුක් කරන රාජකාරිය.....මේ පියානො එකට මං මහ පුදුම තරම් ආදරෙයි...අනේ මන්දා ඒ ආදරේ වැඩි වුනෙ දවසක් මට මහිම අයියා කියපු කතාවත් හින්දදො කියලත් මට හිතුනු වාර අනන්තයි....ඉස්සර ග්‍රේඩ් ලවන් වලදි එයාලට මොනවහරි ෆ්‍රී පීරියඩ් එකක් වැටුනු දවස් වලට අයියලා මේ මියුසික් රූම් එකට වෙලා තමයි ඉදලා තියෙන්නේ....ඒ ඉන්නකොට මියුසික් රූම් එක ඇතුලත් ෆ්‍රී නම් එයාලා කරන්නෙ මේ පියානො එක ප්ලේ කර කර මොකක්හරි සින්දුවක් කියන එකලු....පියානො එක ප්ලේ කරලා තියෙන්නේ නම් මගේ මස්සිනාගෙ අතින්... හැබැයි ඉතිං ඒ වාදනයට ලස්සන සංගීතයක් එකතු කරලා තියෙන්නේ මගේ සහස්.....රිතික අයියටත් ලස්සනට සින්ග් කරන්න පුලුවන්ලු.....එතකොට ෂාන් අයියා කරලා තියෙන්නේ පැත්තක ඉදන් ඒවා වීඩියෝ කරපු එක....ඒ දවස් වල ෂාන් අයියලා මෙහාට එනකොට හංස සර් එයාගේ ෆොන් එක අයියලට දීලා මියුසික් රූම් එකේ පැත්තකින් ගිහිං වාඩිවෙලා එයාගේ වැඩක් කරන එකලු කරන්නේ.....අන්න ඒ විදියට අවුරුදු දෙකකට විතර කලින් ගත්තු වීඩියෝ එකක් මට ෂාන් අයියා මේ ලගදි දවසක පෙන්නුවා......ඇත්තටම ඒ දවස් වල එයාලා හරිම පුංචියි....මේ දැං ඉන්නවා වගේ පතාක සයිස් යෝධයො එහෙම නෙවෙයි..... ඇරත් සේරටම වඩා ඔතනින් ලස්සනටම පේන්න හිටියෙ අපේ රිතික අයියා තමයි...ඒ දවස් වල රිතික අයියගෙ ලුක් එක  හරියටම නිකං අර පුංචි රිලා පැටියෙක්ට සමානයි.....ඕක මං මිනිහගෙ මූණටම කියලා හොද ටොකු පාරකුත් කෑවද කොහෙද....

~හීන~ Where stories live. Discover now