34 වන කොටස

476 38 2
                                    

ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට සති අන්තෙත් ගෙවිලා ඉවර වුනා....... මං හොදින් කියලා ඒ කාලේ ඇතුලත මං මටම අනන්ත වතාවක් කියාගන්න ඇති...ඒත් ඒක ඇත්තක්ද.. නෑ කොහෙත්ම නෑ....මං කීයටවත්ම හොදින් නෙවෙයි කියන්න මගෙ හැසිරීම ඕනාවටත් වඩා දැන් ඔප්පු කරවලා ඉවරයි..... සෙනසුරාදා දවසත් මං ගෙවලා දැම්මේ නින්දට යන්නේ කොයි වෙලාවෙද කියලා හිත හිත... ඉරිදා දවසම වගේ මං හිටියේ නවෝද් එක්ක වුනාට ඒකෙනුත් මං හොයපු සැනසීම නම් මට ලැබුනේ නෑ.........ඇයි මට හිතෙන්නේ මං ආයෙම වතාවක් අර කලින් හිටපු වලටම ඇදගෙන වැටෙනවා කියලා... හැමදේම පැහැදිලි.......හැමෝම ඉන්නෙ හුඟක් පැහැදිලිව....ඒත් මං...... මං විතරක් එක තැන නතර වෙලා කියලා දැනෙන ඒ හැගීම මං විස්තර කරගන්නෙ කොහොමද ........

ඊළග සතියේ first Holly communion (දිව්‍ය සත්ප්‍රසාදය ලැබීම)එක හින්දා හැමදාම දොලහෙන් පස්සේ අපිට කොයර් ප්‍රැක්ටිසස් දාලා.......ඒත් අද මට එතනටවත් යන්න උවමනාවක් තිබුනේ නෑ...මං කරේ ඔඩිටෝරියම් එක පිටිපස්සට වෙලා ඔහේ තනියම බලාගෙන හිටපු එක.....සහස්වත් මේ ඉස්කෝලේ ඇතුළෙ හිටියනම් කියලා මට හිතුනු වාර අනන්තයි අප්‍රමාණයි....ඒත් ඉතිං මොනවා කියලා කරන්නද...... අයියා ඉන්නෙත් ප්‍රශ්න ගොඩක..මට මගේ දේවල් හින්දා තවත් එයාට කරදර ඇති කරන්න කොහෙත්ම උවමනාවක් තිබුනේ නෑ.........

" ඒ රෙහානයා......"

ඒ නවෝද්..... 12.30 වගේ වෙනකොට නවෝද් මියුසික් රූම් එකෙන් එලියට ඇවිත්..... යන යන තැන කිරී පැනී වගේ ඉන්න අපි දෙන්නට එකෙක් නැති වුනාම එක තැනක ඉන්න හරි අමාරුයි........ඒක තමයි දැන් ඔය සිද්ද වෙලා තියෙන්නේ..

" මොකෝ බං මේ....."

මං මූණට බලෙන් වගේ මවාගත්ත හෙන විකාර හිනාවක් එක්ක නවෝද් ගෙන් එහෙම ඇහුවෙ මං හින්දා තවත් උන්ගේ ඔලුවට ප්‍රශ්න ඇති කරන්න මං අකමැති වෙච්ච නිසයි....

" හරි නම් මමයි ඒ ප්‍රශ්න උඹෙන් අහන්න ඕනේ......."

නවෝද් එහෙම කිව්වේ මගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන්

" ඇයි....."

" ඇයි අහන්නේ....මං දැන් දවස් දෙකක ඉදන් බලාගෙන...උඹෙ ඇග තියෙන්නේ මේ ලෝකේ වුනාට ඔලුව නම් තියෙන්නේ වෙන කොහෙදෝ තූත්තුකුඩියක......"

~හීන~ Where stories live. Discover now