107 වන කොටස

322 27 28
                                    

තද කලු පාට ගේට්ටු පියන් හැර,
දනීද තවකෙකු මෙහි ඇති ගින්දරේ තරම ගැන...

මිනිසුන් කියයි,
ඔව් සල්ලිකාර ජීවිත උන්ට කොහේ තියෙන අඩු පාඩුවක්ද...

ඒත්,
එකම එක වතාවක් හරි ඇවිත් බලපං...
මොණරු ඉගිල්ලෙන බිත්ති හතර මැද,
මිනිස්සු හූල්ලන හීල්ලිල්ලෙ තරම...

එක නිමේෂයකින් තේරුම් යයි...
සතුට සැනසීම මොණර පිල් යට නැවුනෙ නැති වග......

ඉතිං මිත්‍ර වරුනි...
මාත් අහන්නද ප්‍රශ්නයක් .......

සතුට සැනසීම අහිමි වහලක් යට
සල්ලි කදු වලින් හුස්ම අල්ලන
මල මිනී වලටත් මොකෝ

ජීවත් වෙන්න තහනම්ද...?

                          
                                                                                                      (ඒලී)

මං හිටියෙ මහිම අයියලාගෙ ගෙදර ඉස්සරහා...එයා ගෙදර ඉන්නවද නැද්ද ඔය කිසිම දෙයක් ගැන නොහිතා මං අද මෙහාට එන්න ආවෙ මගේ සහස් මේ මං වෙනුවෙන් එකම එක බලාපොරොත්තුවක් හරි මේ ගේ ඇතුලේ ඉතුරු කරලා ගිහින් ඇතී කියන විශ්වාසය උඩ.....

ආදරේදි මිනිස්සු ලෝබ වෙනවා... ආදරේදි මිනිස්සු ඉරිසියා කරනවා...ආදරේදි මිනිස්සු මෝඩ වෙනවා... ආදරේදි මිනිස්සු පොඩි එවුන් වගේ හැසිරෙන්න පටං ගන්නවා....

හිතක් සනසවන්න පුලුවන් ආදරේටම අනිත් පැත්තට මනුස්සයෙක්ව පණ පිටින්ම වුනත් මහ පොලොව යට පස් කරලා දාන්න බැරි කමක් ඇත්තේ නෑ...මං හිතන විදියට මේ ලෝකේ තියෙන වටිනාම සහ භයානකම ආයුධය තමයි ඔය ආදරය කියන වචනය...නෑ....ඒක වචනයක්මත් නෙවෙයි....ආදරය කියලා කියන්නෙම වචනයෙන් විස්තර කරගන්න අමාරු මහ අමුතුම විදියෙ හැගීම් ගොන්නක එකතුවක්.....ලේසි නෑ......ආදරේ තරම බලා ගන්න ඕනෙ නං යන්න ඕනේ පිස්සං කොටුවට...... ආදරේ කරන්න ගිහිං පිස්සු හදවගත්ත උන් වගේම පිස්සු හැදෙන තරමට ආදරේ කරපු උන් එතන රංචු පිටින් බලාගෙන ඉන්නවා.....

වෙනදට මේ වත්තට අඩිය තියන්න කලින් එක පාරක් දෙපාරක් නෙවෙයි සිය දහස් වතාවක් විතර කල්පනා කරපු මම අද කිසි ගානක් නැතුවම ගෙදර ගේට්ටුව ඇරගෙන අයියලගේ වත්ත ඇතුලට එන්න ආවා...ගෙදර දොර වහලා දාලයි තිබුනේ.....සරසි අම්මා ආසාවෙන් වවපු එයාගේ මල් පැළ ටිකත් ඔහේ පැත්තක මැරිලා ගිහිං.....වත්තේ තැන් තැන් වල මැරිලා ගියපු මල් පැල ටික දිහා බල බලම මං ගෙදර බෙල් එක ගහලා මහිම අයියා ඇවිත් ඒ දොර අරිනකං එතනට වෙලා බලාගෙන හිටියා....

~හීන~ Where stories live. Discover now