මං උඩ තට්ටුවට වෙලා බලාගෙන හිටියේ කිසිම දෙයක් නොවෙච්ච ගානට හැසිරෙන මගේ තාත්තා දිහා... අඩුම තරමෙ මං හෙට මෙහෙන් යනවා රෙහාන් කියලාවත් කියන්න එයාට මේ දැන් වෙනකනුත් කිසිම උවමනාවක් තිබුනේ නෑ.........මේක තාත්තා ඉස්සර ඉදන්ම ප්ලෑන් කරපු දෙයක් වෙන්න ඕනේ... ඔය පිරිමහනවා ඇත්තෙ මං ඉස්කෝලෙන් අයින් වෙන්න බෑ කියලා කියපු දේවල් වල කේන්තිය........ එහෙනම් ඒක තමයි තාත්තා හදිස්සියේම මාව එදා ඉස්කෝලෙනුත් අයින් කරගන්න දත කෑවේ..... දැන් ඉතිං උන්නත් දාහයි මලත් දාහයි කියලා මට හරි ඔය කතාව ගැන තාත්තගෙන් අහලා දැනගන්නම සිද්ද වෙනවා....මොකද යන්නෙ කොහෙද මොනවද කරන්නේ කියලා දැන ගන්න මේ මටත් අයිතියක් නැතුව නෙවෙයිනේ.
"තාත්තේ...."
පඩිපෙල බැහැගෙන එන ගමන්ම මං තාත්තට කතා කරා.... ඒත් එයාගෙන් හැමදාම වගේ මට ලැබුණේ නිශ්ශබ්ද උත්තරයක් විතරයි....
" ඔයා හෙට ලංකාවෙන් යනවා කියලා කියන්නේ ඇත්තද අහ්......"
" ..........."
" තාත්තේ මං මේ කතා කරන්නේ ඔයාට........."
ඒ පාර නම් මගේ කටහඬේ සද්දෙත් ටිකක් විතර වැඩි වෙනකොට තාත්තා මං දිහා බලාගෙන හිටියේ ලොකු කේන්තියකින්.....
"මං කරන හැමදේම උඹට කියලද කරන්න ඕනේ ....!"
" කරන කියන හැම මගුලම මට කිය කිය කරන්න ඕනේ නෑ.... ඒ වුනාට රටින් පිට වෙනවා කියන එක මට නොකියා ඉන්න තරම් ඔයාට සාධාරණ හේතුවක් ඇත්තේ නෑනේ තාත්තේ...මොකද ඔයා මං පුංචි කාලෙදිත් ඕන තරම් රටින් පිට ගිහින් ඉදලා තියෙනවනේ....."
" ඉතිං එහෙනම් මොකටද උඹ මං යන එන තැන් ගැන වද වෙන්නේ රෙහාන්......"
ඔය විදියේ කතාවක් නම් මේ ලෝකේ ඉන්න කිසිම තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක්ගෙන් අහයි කියලා මට විශ්වාස කරන්න අමාරුයි..... තමන්ගේ දෙමව්පියො ගැන හොයලා බලන්න අයිතියක් දරුවො වෙච්ච අපිට කවුරුත් දීලා නැද්ද... මං අහන්නේ එයාලට අපිව ඕන වෙන්නේ වයසට ගියාම එයාලගේ ආවතේව කම් ටික කරගන්න විතරද....
" වද වෙන්නේ නම් නෑ.... අඩුම තරමේ ඉන්න තැනක පණ පිටින් ඉන්නවා කියලා හරි හිත හදා ගන්න පුලුවන්නේ...ඒකයි...... "
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."