අවුරුද්දක් ගෙවිලා ගිහින් ලස්සන අලුත් අවුරුද්දකුත් උදා වුනා...මං මේ කතා කරන්නේ ජනවාරි පලවෙනිදයින් පටං ගත්තු අලුත් අවුරුද්ද ගැන එහෙම නෙවෙයි...සූර්යයා මීන රාශියට බූට් එක තියලා මේෂ රාශියට ගියපු ගමන ගැන මං මේ කතා කරන්නේ.... ඉතිං හැමදාම වගේ මං ආස කරපු විදියටම මේ පාර අපි අලුත් අවුරුද්ද සැමරුවෙ අපේ අලුත් ගෙදර ඉදගෙන.....තාම අපි ඒ ගෙදරට ඔෆීශියලි අඩිය තිබ්බෙ නැති වුනාට මොකද ඉදලා හිටලා එහාට වෙලා තනියම හිටපු දවසුත් නොතිබුනාම නෙවෙයි....මොකද ඔහොම වහලා දාලා තියෙනකොට ගෙවල් පාළු වෙනවයි කියලා අම්මගෙ බර බරේ දැන් එන්න එන්නම වැඩි වෙන්න පටං අරගෙන... ඉතිං සරසි අම්මගෙ කටට පින් සිද්ධ වෙන්න දැන් ඒ ගෙදරට සතියකට වතාවක් හරි මනුස්ස පරාණයක් රිංග ගන්නවා...දොර කොඩ එල්ලලා තිබිච්ච සීනුව හරි ලස්සනට සද්ද කරනවා...අපි දැන් මේ ඉන්නෙත් ඒ ගෙදරම තමයි....අපි විතරක් නෙවෙයි අද තාත්තයි නන්දා අම්මයි පවා මෙහෙ නතර වෙලයි ඉන්නෙ .......
මං හිටියේ අපෙ කාමරේට වෙලා ලැප් එහෙකුත් බදාගෙන බාගෙට පිස්සු හැදිච්ච සරණාගතයෙක් ගානට මගේ කොන්ඩෙත් අවුල් කරගෙන වෙනකොට මාව දකින ඕනම කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නෙ අර සූර පප්පා එකේ හිටපු පිස්සු තද වෙච්ච වෙද පප්පව...වෙද පප්පගෙ අරිශ්ටෙවත් දැන් මං ගාව තිබුනනං කියලා මට අනන්ත වතාවක් හිතුනා දෙයියනේ.....තියෙන කාර් සේල් එක ගැන බලාගෙන ඉන්නෙ නැතුව උඹත් ගියානෙ මෙතන වෙන උන්ගෙ හොටෙල්ස් වලට හොට දාන්න ......බොහෝත් අච්චාහේ රෙහාන් බොහෝත් අච්චාහේ.....මට උඹ ගැන කියන්න වචන නෑ..... උඹ ඒ තරම් අති විශිෂ්ටයි.....
" චූටි.... අපි දැන් කාලා ඉමු හොදේ......"
" එපා.....! "
ෂර්ට් එකේ උඩ බොත්තම් ටිකත් ඇරගෙන තව කන්නාඩි දෙකකුත් දාගෙන මං පැනපු ගමන්ම සහස්ට එපා කියලා කෑ ගහනකොට තත්පර ගානකට අයියා හිටපු තැනම ඉදගෙන ෂොක් වෙලා වගේ මේ මගේ දිහා බලාගෙන හිටියා....... හැබැයි ටික වෙලාවකට පස්සෙ ඒක හරි ගියා......
" එහෙම කියලා බෑනේ බං.....දැන් වෙලාව කීයද කියලා බලහංකො......"
" එපා මට කන්න ඕනෙත් නෑ මට බොන්න ඕනේත් නෑ මට ඕනෙ කොහොමහරි කරලා මේ අටමගලෙ මෙතනින් ඉවරයක් කරලා දාගන්න එච්චරයි........Oh gosh.......I'm fucking done with this......."
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."