122 වන කොටස

431 32 21
                                    

අපේ බැදීම මහ අමුතුම විදියේ බැදීමක්....
ඒක මහ අමුතුම විදියේ හමුවීමක්....
ඒක මහ අමුතුම විදියේ යාළුකමක්.....
කොටින්ම ඒක මහ අමුතුම විදියේ පටන් ගැම්මක්.....
හරිම අහඹු සිදුවීමකින් පටං ගත්තු අපේ ආදරේ අද වෙනකොට අපි සෑහෙන්න දුර ඇවිත්....
අමාරුම තැන් හරි සීරුවෙන් දරා ගත්තු....
කඩන් වැටුණු තැන්වල ආයෙමත් අපි අමාරුවෙන් හරි නැගිට ගත්තු .....
අපි වෙනුවෙන් අපි නොසෑහෙන්න දුක් විදපු.......
හිත් රිදීම් බිද වැටීම් මැද හරි ලස්සනට හුස්ම අල්ලපු....
ඔව් ඒක මහ අමුතුම විදියේ බැදීමක්...
අමුතුම විදියේ ආදරයක්.....
" ආදරය " කියන අකුරු හතරට එහායින් නැවතුනු මහ අමුතුම විදියේ හැගීම් ගොන්නක එකතුවක්.....

මං හිටියෙ සාලේ එල්ලලා තිබිච්ච ඒ පින්තූරේ දිහා බලාගෙන... ඒත් එක්කම වගේ අයියා ඇවිත් මගේ ඉන වටේට එයාගේ අත් දෙක ඔතාගෙන එයාගෙ නිකට මගෙ උරහිස උඩින් තියා ගත්තා.....

" මොනවද කල්පනා කරන්නේ..... ම්ම්....."

" මේක හීනයක් නෙවෙයි නේද අයියේ....."

" නෑ......"

" මට තාමත් මේ දේවල් විශ්වාස කරගන්න හරිම අමාරුයි සහස්....."

" කමක් නෑ මං ඉන්නවනෙ...මං උදව් කරන්නං......"

" අයියේ......"

" ම්ම්......"

" මට බයයි....."

" හේතුව......"

" එක පාරකුත් මං උඹව නැති කරගත්තා....අනේ ආයෙ නම් මට........"

මං කියන්න හදපු දේ මට කියාගන්න බැරි වුනේ ඊට කලින් මගේ තොල් දෙක උඩ අයියගෙ තොල් දෙක නතර වෙච්ච හින්දයි.....ඒක මේ හාදුවක් එහෙම නෙවෙයි.....කොටින්ම ඒක මං කියන්න හදපු දේ නවත්ත ගන්න සහස් කරපු පුංචි ට්‍රික් එකක්... ඒත් මගේ ඇස් වලින් වැටිච්ච කදුලු නම් අයියට නවත්තගන්න බැරි වුනා.....

" හිනා වෙන්න ඕන තැනට කදුලු පුරවගන්න එපා රෙහාන්....."

" උඹට තේරෙන්නෙ නෑ අයියේ..."

" දැන් මොනවද මට තේරෙන්නැත්තෙ අහ්......"

" අනේ ආයෙම වතාවක් අපිට වෙන් වෙන්න සිද්ධ වුනොතිං එහෙම.... මගේ බය සාධාරණ නැද්ද අයියෙ....."

~හීන~ Where stories live. Discover now