139 වන කොටස

440 32 42
                                    

මං හිතන්නෙ අද දවසට අපි ෆොටෝස් සීයකටත් වඩා අරගන්න ඇති....ඉතිං එතනිනුත් මට හිත ගියපු ෆොටෝස් තිබුනෙ දහයක් පහලවක් වගේ හරිම පුංචි ප්‍රමාණයක්.....ඒ ටිකෙනුත් මං වැඩිපුරම ආස වෙච්ච සහ මගේ හිත ගියපු ෆොටෝ එක මට අප්ලෝඩ් කරන්න පුලුවන් කොහෙද මං ඒ හැම මගුලකම අප්ලෝඩ් කරලා අන්තිමට එන්න ආවේ අර කොල පාට පසුබිමේ සුදු පාට ෆෝන් එකක් තියෙන ඇප් එක දිහාවට වෙනකොට දැනටමත් ඒ මගුල මැසේජස් වලින් පිරිලා ගිහිල්ලයි තිබුනේ....... ඉතිං මං අර ආපු රාජකාරිය ඉවරයක් කරලා දාන්න ඕනෙ කියලා හිතාගෙන අදාල ෆොටෝ එක සිලෙක්ට් කරලා ඒකට යටින් පුංචි කැප්ශන් එහෙකුත් දාලාම ඒ ෆොටෝ එක මගේ ස්ටේටස් වල අප්ඩේට් කෙරුවා විතරයි අර මොකෙක්ද එකෙක්ට මොකක්ද එක අහු වුනා වගේ දිගට හරහට මගේ ෆෝන් එකේ නොටිෆිකේශන් ටෝන් එක වදින්න පටං ගත්තා..... එතනිනුත් වැඩි හරියක්ම ඇවිල්ලා තිබුනේ සුභ පැතුම් නෙවෙයි අමු කුණුහරුප.....ඉස්පෙශලි අර මාර දූතයෝ කියලා තිබුණු දේවල් වලට මට පොලොව පලාගෙන යන්න හිතුනා.....මොකද රෙද්දක් ඇදගෙන මනුස්සයෙක්ට කියවන්න පුලුවන් කමෙන්ට්ස් එහෙම නෙවෙයි උන් සෙට් එක ඒ ස්ටේටස් එකට මට එවලා තිබුනේ.....

අමුතු ගැස්මක් මගේ හිතේ නොතිබුනාමත් නෙවෙයි.... හැබැයි ඒක එහෙම නෙවෙයි කියලා මං මටම තේරුම් කරවලා දෙන්න සෑහෙන්න ලොකු උත්සාහයක් අරගත්තා.....වැඩිය අඩුත් නැති වැඩිත් නැති එලියක් පැතිරිලා ගිහින් තිබුණු මුලු කාමරේ පුරාවටම තිබුනේ මහ අමුතුම විදියේ පාළුවක් කියලා කිව්වොත් මං හරී..මොකද අයියා ඒ කාමරේ ඇතුලෙ පේන්න හිටියෙ නෑ.... මහන්සිය වැඩි හින්දම සහස්  මූණ කට පොඩ්ඩක් සෝදගෙන එන්නම් කියලා ඒ කාමරෙන් බාත් රූම් එක දිහාවට යන්න යනකොට මං එතන වන් වේ ග්ලාස් එක ලග ඉදගෙනම මගේ අතේ තිබිච්ච අම්මගෙ රත්තරං මාලේ දිහා බලාගෙන ඔහේ කල්පනා කරන්න පටන් ගත්තා.....

ජීවිතේ මොන තරම් දේවල් ලැබුනත් ආපස්සට අපිට ලබා ගන්න බැරි කොයිතරම් නං කියලා දේවල් අපේ ජීවිත ඇතුලෙ අපිට මග ඇරිලා තියෙන්න පුලුවන්ද.. මගේ ජීවිතේ ඇතුලෙදි මට මග ඇරිච්ච ලොකුම අඩුපාඩුව තමයි මගේ අම්මා....ඒ අඩුව පුරවන්න සිය දහස් ගානක් මාත් එක්ක හිටියා වුනත් මගේම අම්මා කියන තැනට එන්න ඒ කිසිම කෙනෙක්ට බැරි වෙයි.....නොකිව්වට මගේ අම්මගෙ අඩුව වෙන කවදටත් වඩා මට  වැඩියෙන්ම දැනෙන්න ඇත්තෙ මේ අද .....මොකද දරුවෙක්ගෙ ජීවිතේ ලස්සනම දවසක තමුන්ගේ අම්මගෙ හිනාව දකිනවා තරම් තවත් ආශිර්වාදයක් ඒ දරුවට තියෙන්න පුලුවන් ද......මං දන්නවා මට ලබා ගන්න බැරි....මට ආයෙම වතාවක් ඉල්ල ගන්න බැරි හැබැයි මට ඕනම කරන දේ තමයි මගේ අම්මගෙ ආදරේ.... ඒත් ඉතිං මං මොනවා කියලා කරන්නද දෙයියනේ....සමහර අහිමිවීම් ළග මිනිස්සු මහ පුදුමාකාර තරම් විදියට අසරණ වෙනවා ....කොහෙන් කියලා මං ඉල්ලන්නද....කාගෙන් කියලා මං එයා ගැන අහන්නද....

~හීන~ Where stories live. Discover now