05 කොටස 💜

1.6K 218 26
                                    

එයා කෑ ගැහුවත් ඒක ගනන් නොගත්ත මම ආයෙත් එයාව උස්ස ගද්දි ලෙක්චර් හෝල් එකේ හිටපු හැමෝගෙම වගේ අවදානේ අපි දෙන්නට ලැබුනත් මම නෙවෙයි ඒ ගැන සතයකටවත් හිතුවේ

මැජික්ද යකෝ මේවා....දූපත් වාසින්ට ඉතින් මැජික් වගේ තමා මොනවා වුනත් හොද පදයක් හැදෙයි කියලම් මට ශුවර් ඉතින්

සීට් පේලියේ පලවෙනි සීට් එකේම එයාව වාඩි කරපු මම ආයෙත් රෝද පුටුව තියෙන තැනට ඇවිත් සදෙව්ගෙ බෑග් එක අරගෙන රෝද පුටුව අකුලලා පැත්තකින් බිත්තියට හේත්තු කරලා තිබ්බා

මම බෑග් එක දෙද්දිත් ඒක උදුරලා ගත්තු සදෙව් ආයේ මගේ මූණවත් බැලුවේ නෑ බිම බලාගෙනම හිටියේ හරියට භාවනාවකට සම වැදිලා වගෙයි

"Excuse me.. ඔයාලා දෙන්නට ඔහොම්ම එහා සීට් දෙකට මාරු වෙන්න පුලුවන්ද?"

සදෙව් ලගට ආපු සුදු මිටි කොල්ලා එහෙම අහද්දි එයා මොකුත් නොකියා මගෙ දිහා බලද්දි මම ඒ කොට හාදයගෙ ඉහේ සිට පාදාන්තය දක්වාම බැල්මක් දැම්මා

"එයාට පහසුම සීට් එක මේක...ඉතින් ඔයාට පුලුවන් මගෙ එහා පැත්තට එන්න"

මම මගේ එහා පැත්තේ හිස් සීට් එක පෙන්නලා කිව්වත් ඒ කොට හාදයා ටිකක් වෙලා සීට් එක දිහා බලන් ඉදලා මූණත් බෙරි කරගෙන මගෙ දිහා බැලුවා

"ඊට එහා පැත්තේ කෙල්ලෙක්නේ"

කොට හාදයා හිමින් සැරේ මුමුණද්දි මාත් හැරිලා බැලුවා මෙච්චර වෙලා මම නොදැක්ක කෙල්ල කවුද කියලා බලන්න

එතකොටයි මට මම ලගදිම විෂන්කෙයා එකට ගියොත් හොදයි හිතුනේ
මෙච්චර වෙලා මම හිතන් හිටියෙ එතන ඉන්නේ කොල්ලෙක් කියලා මොකද බැලු බැල්මට මටනම් ඒ කෙල්ලෙක් කියලා පේන්නෙ නෑ කොටට කපපු කලර් කරපු කොණ්ඩේ ඩෙනිමකට ඕවර් සයිද් ටීෂට් එකක් ඇදලා තව ඇග පුරාම යකඩ කෑලි එල්ලන් ඉද්දි කොහොම හිතන්නද කෙල්ලෙක් කියලා

"ඉතින් මචන් ඒ කෙල්ල ඔයාව කන එකක් නෑ"

"එහෙම නෙවෙයි...මේ ඔයාට එහාට යන්න බෑද මට මැද දීලා"

"එයාට මගෙ ලගින් ඈත් වෙන්න තහනම්"

"ආහ්.."

කොට හාදයා ආයෙත් අහද්දි මම මොකුත් කියන්නත් කලින් සදෙව් ගහන්න වගේ සැරෙන් කියද්දි ඒ ගැබුරු කටහඩට මම විතරක් නෙවෙයි අර කොල්ලත් ගැස්සුනා

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now