"ඔය කටින් මගේ නමවත් කියන්න එපා බොරු කාරයා...!!"
එයා ඉන්නේ මා එක්ක තරහින් බව ඇත්ත ඒත් එයාගේ වචන පිහිතුඩක් වගේ තියුණුයි ඒවා මගේ පපුව පසාරු කරගෙන යද්දි දැනෙන වේදනාව ඉවසගන්න අමාරුයි.. 'බොරු කරායා' උබට දුන්න ආදරේ මගේ හැගීම් බොරුවක් කියන එකද මැණික උබ ඔය වචනෙන් අදහස් කරන්නේ..එහෙමනම් ඒක දැම්ම ඉල්ලා අස්කරගනිම් මැණික මගේ හැගීම් කවමදාවත් බොරුවක් වුනේ නෑ ඒක එදත් එහෙමයි
අද වගේම හෙටත් එහෙමමයිමම හිත ඇතුලින් මාව බොරු කාරයෙක් ගානට දාන්න එපා කියලා කෑ ගැහුවත් කටින් එක වචනයක්වත් පිට කරේ නෑ...
ඒ වෙනුවට මගේ මුවගට ආවේ සමච්චල් හිනාවක් ඒක මන් වෙනුවෙන්ම උපන්න හිනාවක්"ඇයි තමුසේ හිනාවෙන්නේ ආ..ඒ පාර මාව විහිළුවක් වුනාද සිත්රු?"
එයාට තවත් තරහා ගිහින්..දැන්නම් පුපුරපු ගිනි කන්දක් වගේ..තවත් බොරුවට එයාව තරහා ගස්සන්නවත් එයාගේ වචන නාස්ති කරවන්නවත් මට ඕන වුනේ නෑ මම බිත්තියට හිරකරන් හිටපු එයාව මම ඊලගපාර බිත්තියටත් මගේ අත් අතරටත් හිර කරගත්තා...වුනේ මොකද්ද හිතාගන්න බැරුව ඒ දුබුරු පාට ඇස් පුදුමෙන් ලොකු වෙලා ඒ විතරක්ද ඒ කටත් චුට්ටක් ඇරිලා ඕ හැඩේට ඔහොම ඉද්දි උබ හරි හුරතල් පාටයි මගෙ සදෙව් හැමදේම එක මොහොතකට අමතක කරලා ඔය පිරුණු කම්මුල්වලට හාදු තවරන්න ආසයි
"අ..අතාරිනවා මාව!!!.."
හාදුවක් තවරන්න හිතපු මගේ හීන මාලිගා කැඩිලා බිදිලා විසිරිලාම යන්න ගියේ එයා කෑගහන්න ගත්තු නිසා..කන පල්ලෙම ඉදන් එහෙම කෑගහද්දි හරී....සනීපයි..
"අතාරිනවා...."
"මම අල්ල ගත්තේ අතාරින්න නෙවෙයි..අනික මට කවමදාවත් උබව විහිලුවක් වෙන්නෑ වස්තුව..මට බොරු කාරයා කියන්න උබට කිසි අයිතියක් නෑ මොකද මම දැනුවත්ව අදතාවෙන්න උබට කිසි බොරුවක් කරලා නෑ...මේක හොදට මතක තියාගන්න මට මේ ලෝකේ අතාරින්න බැරි එකම කෙනා උබම විතරයි මගේ වස්තුව..උබ මගේ නොවුනත් හැමදාටම මම උබගේ විතරයි පරිස්සමෙන් ඉන්න ඈත ඉදන් හරි මම ඔයා දිහා බලන් ඉන්නවා.."
YOU ARE READING
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...