57 කොටස

952 133 54
                                    

මම හිතුවා වගේම අපේ සාමකාමී ජීවිත වලට කුණාටුවක් එන දවස වැඩි ඈතක නෑ...
මට අදහාගන්න බැරි වුනා රුචියට ජෝඩු කරන්න හදන එකා වෙරෝන් කියලා..රුචීයගේ අම්මා තාත්තා හොදට දන්නවා ඇතිනේ මිනිහගේ කැරැක්ටර් එක ගැන ඉතින් එහෙම වෙලත් තමන්ගේ දරුවගේ අනාගතේම ඒ වගේ මිනිහෙකුට බිලි දෙන්න හදන්නේ මොන හිතකින්ද?

සල්ලි ලග මිනිස්සු අන්ධ වෙනවලු..සල්ලි වෙනුවෙන් තමන්ගේ ආත්ම ගරුත්වය වුනත් බල්ලට දාන මිනිස්සු ඉන්න ලෝකයක් මේක..ඉතින් රුචීගේ මේ කසාදෙත් තනිකරම සල්ලි , බලය වෙනුවෙන් කරන ඩීල් එකක්ම විතරයි..
අපි ඉන්නකල් රුචීට ඔය ගල් මූසලයවනම් කසාද බදින්න දෙන්නෑ ග්‍රැජුවේට් එකට කලින් කොහොමත් නිදුවයි රුචියයි කසාද බදිනවා..ඒ කරලා ග්‍රැජුවේට් වෙච්ච ගමන්ම එන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ෆයිනල් එක්සෑම් එක ලියලා දෙන්නම රට යන්න තමා දැන් හිතන් ඉන්නේ...මොකද එයාලට රුචීගේ පවුලට විරුද්ද වෙලා මෙහේ හොදින් ඉන්න පුලුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ..සිල්වා ඇමතියා මහා තිරිසන් මිනිහෙක්නේ ඌ අනිවාරෙන්ම පලි ගනිවී.... මේ හැමදෙයක්ම හොදින් වෙන්නනම් වෙරෝන් ග්‍රැජුවේට් එකට කලින් ලංකාවට නොඑන්න ඕන..

"මොනවද ඔච්චර කල්පනා කරන්නේ?"

"ආහ්...මොකුත් නෑ මේ නිකන්.."

"නිකන් වෙන්න බෑ සුදූ මම දැන් දවස් ගානක් තිස්සේ බලාගෙන ඔයා තනියෙන් ඉන්නවනම් ලොකු කල්පනාවක..මට කියන්න බැරි ප්‍රශ්නයක් ඔය හිතට වද දෙනවද?"

"එහෙම නෑ වස්තුව..මම කල්පනා කරේ රුචීයි නිදුවයි ගැන"

"හ්ම්....හැම දෙයක් හොදින් වෙයි..වැඩිය හිතන්න ගිහින් ඔයා නැති ලෙඩක් හදාගන්නේ නැතුව ආ මේ තේ එක බොන්න"

මම හිටියේ වැරැන්ඩා එකේ ටයිල් පොලොවේ වාඩි වෙලා කණුවකට හේත්තුවක් දාගෙන..එයත් ඇවිත් මම ලගින්ම වාඩි වෙලා මගේ අතට දුම් දාන තේ කෝප්පයක් දුන්නා..හවස මේ සීතල වෙලාවට තේ එකක් කියන්නේ නියම තේරිමක්..

"කෝ ඔයාගේ තේ එක"

"මට කියලා ආයේ අමුතුවෙන් තව කෝප්පෙකට දාන්න ඕන නෑනේ ඔය මටත් එක්ක තමා.."

මා හදෙහි සිත්රු (TK)Kde žijí příběhy. Začni objevovat