03 කොටස 💜

1.9K 230 18
                                    

නිදාගන්න තැන නුහුරු නිසාම මට ඉයේ රැ හරි හැටි නින්දක් තිබ්බේ නෑ

උදේ නැගිටලා මගෙ මුතුකැට වගෙ දත් තිස් දෙකත් නෑ මට තාම තිස් දෙකම නැද්ද කොහෙද කමක් නැ තියෙන ටික මැදගෙන පිජාම එක ගලවලා දාලා ශෝටකට ටී ෂර්ට් එකක් දාගෙන දුටුවන් වශී කරන මගෙ කපුටු කූඩුවත් ටිකක් අතින් හදාගෙන කාමරෙන් එලියට එන්න ආවා

මගේ කාමරේ දොර අරිද්දිම එහා පැත්තේ කාමරෙත් දොර ඇරුනා

"Good morning"

"Morning"

ඉතින් මම මනුස්ස කමට ගුඩ් මෝනින් කිව්වත් බේබියා හිතලම ගුඩ් කෑල්ල හලලා මෝර්නින් විතරක් කිව්වා

අනේ හිටපන්කො මම ආයෙ කියන්නෙම නෑ
නෑ කිව්වොත් නෑමයි

දෙන්නත් එක්කම එකට ඇවිත් කෑම මේසෙන් ඉදගනිද්දි නවිරු අයියට වගේම පුංචි මැණිකෙටත් මම ගුඩ් මෝනින් කිව්වම අනේ ඒ දෙන්නත් කටපුරාම හිනාවෙලා ගුඩ් කෑල්ලත් එක්කම මෝර්නින් කිව්වා

නවිරු අයියගේ හිනාව දැක්කහමනම් කන්න ඕනත් නෑ බඩ පිරෙනවා හිතත් පිරෙනවා
ඇත්තටම ඒ හිනාව මාරම ලස්සනයි

උදේ දහයට විතර පුංචි මැණිකේ ගෙදරින් පිටත් වුනා නවිරු අයියා එක්කම එයාපෝට් එකට

යන්න කලින් බේබියට වගේම මටත් ගොඩාක් උපදෙස් දීලයි ගියේ..
බේබියා පිටට නොපෙන්නුවට මොකද එයා ඉන්නේ දුකින් කියලා මට තේරුනා

අපි දෙන්නටම අනිද්දා කැම්පස් පටන් ගන්නවා
ඒ පටන් ගන්න ජීවිතේ මොන වගේ එකක් වෙයිද කියලා මට හිතාගන්න බෑ
එත් කොච්චර අමාරු වුනත් මම මගෙ අම්මගෙයි ආච්චි අම්මගෙයි බලාපොරොත්තු ඉෂ්ට කරනවා ඒක මම මටම වුන පොරොන්දුවක්

අද දවස හරි පාලුයි...
පුංචි මැණිකෙත් නෑ...නවිරු අයියා කොහොමත් එන්නේ රැ වෙලානේ

කමලා නැන්දා එක්ක පොඩ්ඩක් කතා කර කර ඉදලා මම බේබියගෙ කාමරේ ලගට එන්න ආවේ මේකාගෙ කිසිම සද්දයක් නැති නිසා නිදිද බලන්න
දැන් දවල්ට කන වෙලාවත් හරි අනික එයාට බෙහෙත් බොන්න තියෙනවා..බේබියගෙ ලොකුකම වුනාට මට ඒවා වැඩක් නෑ මම මගෙ යුතුකම් හරියට කරන්න ඕන

මා හදෙහි සිත්රු (TK)Où les histoires vivent. Découvrez maintenant