29 කොටස

1.1K 163 31
                                    


ඒ කෙනාව මම මේ මගේ ජීවිතේ පලවෙනි පාරට මගේ ඇස් ඉස්සරහා දකිනවා වුනත් ඒ කවුද කියලා අදුරගන්න මට අමාරු වුනේ නෑ...

මොකද ඉස්සර වලව්වෙදි උදේ හවා දකින ඒ බිත්තියේ ගහලා තිබුන පින්තුරේ ඉන්න තරුණ වයසේ පොඩි හාමුගෙයි දැන් මේ මන් ඉස්සරහා ඉන්න පොඩි හාමුගෙයි රුපේ මහා ලොකු වෙනස් කමක් වෙලා තිබ්බේ නෑ

මොකද ඉස්සර වලව්වෙදි උදේ හවා දකින ඒ බිත්තියේ ගහලා තිබුන පින්තුරේ ඉන්න තරුණ වයසේ පොඩි හාමුගෙයි දැන් මේ මන් ඉස්සරහා ඉන්න පොඩි හාමුගෙයි රුපේ මහා ලොකු වෙනස් කමක් වෙලා තිබ්බේ නෑ

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

( සතිර සූරියබණ්ඩාර )

"පොඩි හාමු.."

මටත් නොදැනිම මගේ කටින් ඒ කෙනාගේ නම පිටවෙද්දි
එයත් මම ඉස්සරහින්ම ඇවිත් හිටගත්තා ඒ තියුණු ඇස්වල බැල්ම කෙලින්ම මට වැටිලා තියෙද්දි මට මහා අපහසුතාවයක් දැනුනා.. මට කලින්නම් මෙහෙම වෙලා නෑ කෙනෙක්ගේ බැල්ලමකට මුහුණ දෙන්න බැරුව මම මේ බිම බලාගත්තමයි

"ඔන්න ඔයාලගේ මාමවත් මම ලෝක අමාරුවෙන් එක්කන් ආවා.."

පුංචි මැණිකේ කියද්දි සදෙව්තුත් පොඩි හාමු දිහා පුදුමෙන් බලන් හිටියේ

"ඉතින් කොහොමද ඉලන්දාරියා?"

"මම හොදින් මාමේ.."

"ම්න්... නංගී එතකොට මේ ලමයා..?"

"මේ ඉන්නේ මගේ චූටි පුතා..."

පොඩි හාමු මගේ දිහා බලාගෙනම අහද්දි මම එයාගේ චූටි පුතා කියලා පුංචි මැණිකේ මාව ලගට අරන් මගේ අතක් බදාගත්තා...
එවෙලේ මට දැනුන හැගීම.. මට තේරෙන්නෑ ඒක විස්තර කරන්නේ අනේ මටත් අම්මෙක් ඉන්නවා නේද කියලා දැනෙද්දි මගේ ඇස්වල කදුළු පිරුනා

"පුංචික මැණිකේ.."

"ආයේ ඔහොම කතා කරොත් ගුටි කන්න තමා මගෙන්.. අම්මා කියන්න පුතේ අයියලා දෙන්නා වගේම"

මා හදෙහි සිත්රු (TK)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin