කොළඹ ඉදන් නුවර ඇවිත් ගෙවන තුන්වෙනි දවස අද...
එදා රෑ නිදුවලගේ ගෙදර ඉදපු මම පහුවදාම නුවර එන්න ආවා මම තනියෙන් එන්න හැදුවත් නිදුවගේ වගේම ප්‍රොෆෙසර් විනෝද්ගෙවත් ඩොක්ටර් නේජගෙවත් කැමැත්තක් තිබ්බේ නෑ ඒ තීරනේට...ඉතින් මට නුවර එන්න වුනේ නිදුවා එක්කමයි..නුවරට ආපු දවසේ හවසම මම ආපිට නිදුවව පිටත් කරන්න හැදුවත් ඒකා නෙවෙයි ගියේ තාමත් ඉන්නවා මටම සද්දේ දදා..ගමට ආවා කියලා මම වලව්ව පැත්තපලාතේ ගියේ නෑ මට බෑ ආයේ මැරිලා ඉපදුනා වගේ හැමදෙයක්ම අමතක කරලා ඉස්සර හිටියා වගේ ඉන්න..මම නිදුවව එක්ක ආවේ මීට මාස ගානකට කලින් වහලා දාපු ආත්තම්මගෙයි මගෙයි ගෙදරට...මම ආපු ගමන් කරේ වත්ත පහල තියෙන අම්මගෙයි ආත්තම්මගෙයි සොහොන ලගට පිස්සෙක් වගේ දුවන් ගියපු එක මම ඇඩුවා හිතේ තියෙන දුකට පැයගානක් ඇඩුවා අන්තිමට මම අඩනවා බලන් ඉන්නම බැරි තැන නිදුවත් ඇවිත් මාව බදාගෙන අඩන්න ගද්දියි ඒකාගේ ඇඩිල්ල නවත්තන්න මගේ ඇඩිල්ල නැවතුනේ...
නිදුවා කියන්නෙම හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඕන විදියේ යාලුවෙක් සතුටෙදි ලගින්ම ඉදන් සතුටු වෙනවා වගේම දුකේදිත් අත්නොහැර හයියට ඉදන් දුක බෙදාගන්න යාලුවෙක්...
ලොකු සියඹලා ගහා යට වාඩි වෙලා මම බලන් උන්නා පහල ග්‍රවුන්ඩ් එකේ පුංචි එවුන් ටිකක් එක්ක එකතු වෙලා වෝලිබෝලෙකට පොරකන නිදුවා දිහා...දැන්නම් ඌත් හත අට වසරේ පොඩි එකෙක් වගෙයි හරි හරියට කෑගගහා සෙල්ලම් කරනවා මට හිතාගන්න බෑ මේ ඉන්නේ මට උපදෙස් දිදී මගේ හිත හදන ඒ පරිනත නිදුවමද කියලා...
"මොකෝ මල්ලි භාවනා කරනවත.."
"ඔව් මේ මහන වෙන්න කියලා හිතුවේ..."
"හපෝ බන් සාසනේම විනාසයි.."
"තවත් විනාස වෙන්න දෙයක් තියේද බන්"
"ඒකත් ඇත්ත බල්ලට සිවුර අන්දන චීවරදාරීන් ඉන්න රටේ සාසනේ ගැන තව කවර කතාද... මේක ඉන්න හිතෙන නෙවෙයි යන්න හිතෙන රටක් වෙලා"
නටලා නටලා දාඩිය නාගෙන ආපු නිදුවා මගේ එහාපැත්තෙන් වාඩි වෙද්දි මම ලග තිබ්බ වතුර බෝතලේ උගේ අතට දුන්නා...සාසනේ ගැන කතා කර කර හිටපු නිදුවා වතුර උගුරක් විතරක් බීලා ඉතුරු බෝතලේම ඔලුවේ හලාගද්දි මම කටත් ඇදකරන් ඒකා දිහා බලන් හිටියා...
ŞİMDİ OKUDUĞUN
මා හදෙහි සිත්රු (TK)
Hayran Kurguඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...