41 කොටස

1K 149 22
                                    


සදෙව් pov

දැනිලා තියෙනවද දාහක් සෙනග මැද්දේ හිටියා වුනත් තමන් තනිවෙලා වගේ හැගීමක්...මම ප්‍රාර්ථනා කරනවා කාටවත්ම එහෙම දැනෙන්න එපා කියලා මොකද ඒක කෙනෙකුට දැනෙන්න හොදම නැති දෙයක්...

මම තාමත් පසු තැවෙනවා එදා එයාට  ඒ වචන ටික කියාගන්න ඉක්මන් නොවුන එක ගැන
එයාගේ ඒ අන්තිම වචන ටික මතක් වෙන සැරයක් පාසා මගේ ඇස්වලින් ගලන කදුලු මටවත් නවත්තගන්න බෑ

"උබ මගේ නොවුනත් හැමදාටම මම උබගේ විතරයි පරිස්සමෙන් ඉන්න ඈත ඉදන් හරි මම ඔයා දිහා බලන් ඉන්නවා.."

"යන්න එපා...මම ආදරෙයි"

එයාගෙන් ලැබුන උණුසුම් ආදරේ පිරුණු හාදුව එක්ක මගේ ඇස් අගින් කදුලු ගලද්දි අනේ මම කිව්වා යන්න එපා කියලා ඒත් මම පරක්කු වැඩියි එයා එතකොටත් ගිහින් ඉවරයි මගෙන් ගොඩක් දුරකට...

මම එදා ඉදන් හිත හදාගන්න උත්සාහ කරා එයා නැති ජීවිතේකට හුරුවෙන්න උත්සාහකරා ඒත් මට තවමත් ඒ දේ කරගන්න බෑ..මේ මාස ගානට පුදුමාකාර විදියට එයා මගේ ජීවිතේට ලංවෙලා..ඇත්තම කිව්වොත් මම හිතාගන්න බැරි විදියට සිත්රුට එයාගේ ආදරේට ඇබ්බැහි වෙලා
ආදරෙයි කියලා වචනෙන් නොකිව්වත් මට ඒක දැනුනා...

තාත්තගේ මරනෙන් පස්සේ මම ගොඩක් වෙනස්වුනා මට කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ හුස්ම වැටෙන නිසා ජීවත් වුනා මිසක්..
ඒත් සිත්රු මගේ ජීවිතේට ලන්වුනේ අලුත් බලාපොරොත්තුවක් එක්ක ඒත් එයා යන්න ගියේ පරන මාව ආයෙත් මගේ ලග ඇතැරලා දාලා..

කිසිම බලාපොරොත්තුවක් නැති හුස්ම වැටෙන නිසා ජීවත් වෙන සදෙව් කෙනෙක් ආයෙත් මගේ ඇතුලාන්තයෙන් අවදි වෙන්න ගත්තා..
මම ඒ මට පොඩ්ඩක්වත් කැමති නෑ..

මට ඕන ආයෙත් ඉස්සර එයා එක්ක හිටපු කාලේ හිටපු සදෙව් වෙන්න..ඒත් මට පුලුවන් වෙයිද ?

මට බර හුස්මක් පිටවුනා...

වටපිටාව කලුවර වෙලා..වූඩි ඔහේ තනියෙන් බෝලයක් එක්ක ඔට්ටු වෙවී සෙල්ලම් කරනවා..මට මතක නෑ මම කොයි වෙලේද මේ පාර්ක් එකට ආවේ කියලවත් කීයට ආවා වුනත් දැන් ගෙදර යන්න ඕන නැත්තන් අම්මා බයවෙයි

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now