තමන් ආදරේ කරන කෙනා වුනත් එයාගේ අකමැත්තෙන් එයාගේ ඇගටවත් අත තියන්න අයිතියක් කාටවත්ම නැහැ..මොකද එහෙම කරනවා කියන්නෙම ඒක බලහත්කාරකමක් වෙද්දි..සදෙව්තුත් මාව නවත්තපු නිසා මටත් තව දුර යන්න ඕනකමක් තිබුන්නෑ...මම එහෙම කරානම් මගෙයි එයා දිහා කාමුක ආශාවලින් විතරක් බලන එකෙකුගෙයි අතර වෙනසක් නැති වෙන්ක තිබ්බා...
ඉතින් එයාගේ ලගින් ඈත්වුන මම ඇදෙන් නැගිටලා යන්න හැදුවා වුනත් මට හිතාගන්න බැරි විදියට ඊලගට එයා මාව ඇදට පෙරලගෙන මගේ ඇග උඩට ආවා...
"බබා?"
"මම බොරුද කියන්නේ අභී ඔයානම් මහා මැට්ටෙක්"
එයාගේ ඇස් මගේ ඇස් එක්ක පැටලිලා මොකද්දෝ ලොකු කතාවක වෙද්දි එයාගේ හීනි දිගැටි ඇගිලි මගේ එක කම්මුලක් දිගේ උඩ පහල ගියා...
"ඔයා දන්නවද අභී...ඔයා හැමදාම කියන්නේ මගේ ඇස් ගැනනේ ඒත් මේ ලෝකේ මම දැකපු ලස්සනම ඇස් දෙක ඔයාගේ...කලු පාට ඇස් මුහුදේ තියෙන ගැඹුරුම රහස් පවා දන්නවලු..එතකොට ඔයාගේ මේ ඇස් මාව ඔයාගේ හිත අස්සටම ඇදගන්නවා..
මම මේ නපුරු ඇස්වල අයිතිකාරයට හරි ආදරෙයි...""මගෙ වස්තුව"
"මම perfect මනුස්සයෙක් නෙවෙයි අභී..ඒත් මම ඔයාට හොදම කෙනා වෙන්න උත්සාහ කරනවා..ඒත් මට හිතෙනවා තාමත් මගේ අඩුපාඩුකම් තියෙනවා කියලා...පුලුවන්නම් තව ටික කාලයක් ඒ අඩුපාඩුකම් ඉවසන්න අභී...ඔයා මට ඉන්න හොදම කෙනා වගේ මටත් ඔයාට හොදම කෙනා වෙන්න පුලුවන් වෙනකල් මාව ඉවසන්න...මම ඔයා වගේ දැනෙන්න ආදරේ කරන්න දන්නෑ ඒත් මම ආදරෙයිනේ මැරෙන්න තරම් ආදරෙයිනේ සුදු මහත්තයා"
මොහොතකට මට කතාකරගන්න වචන නැතුව ගොලු වුනා..එයාගේ හැගීම් පිරුණු වචන එක්ක එයාගෙන් මගේ නළලට ලැබුන ඒ ආදරණීයම හාදුව මාව ගොළු කරා... එයා කියනවා දැනෙන්න ආදරේ කරන්න දන්නේ නෑලු..මොන බොරුවක්ද මට එතකොට මේ දැනෙන්නේ උබගේ ආදරේ නෙවෙයිද වස්තුව..
"මට ඉන්න එකම වගේම හොදම කෙනාත් ඔයාව විතරයි ඒක කොච්චර කාලයක් ගියත් වෙනස් වෙන්නෑ...මමත් ආදරෙයිනේ වස්තුව...."
එයාගේ නළලටත් හාදුවක් දුන්න මම එයාව පපුවට තුරුළු කරගත්තේ ලෝබ කමින්..
YOU ARE READING
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...