හොද නින්දක හිටපු මම අවදිවුනේ වූඩියගේ තෙත හොබ්බ මගේ බෙල්ලේ අතුල්ල අතුල්ල මාව අවදි කරවන්න කන පල්ලෙ ඉදන් යන්තමට බුරන සද්දේ නිසයිමේකානම් මහා කපටි බලු තඩියෙක් ඌට නිදාගන්නකන් විතරයි අපිත් නිදාගන්න ඕන...
"මොකද ආ?"
"හරි හරි..කෝ ඇගෙන් බැහැපිය මට නැගිටින්න..
පුලුන් ගොඩක් කියලද හිතන් ඉන්නේ ආ බොල"මම බනිද්දි ඇදෙන් පැනලා ගියපු වූඩියා ආයෙත් ඒකාගේ සෙල්ලන් මස්කට්ටත් උස්සගෙන ඇවිත් ඇදට නැගලා මම දිහා දුක හිතෙන විදියේ බැල්මක් එක්ක බලන් උන්නා
"දැන් ඔය දෑ වැද්ද උස්සන් ආවේ මොකටද ආ?"
මම අහද්දි හොම්බෙන් මස් කට්ට මගේ ලගට තව ටිකක් තල්ලු කරපු වූඩියා දිවත් එළියට දාගෙන බෙල්ල ටිකක් පැත්තට ඇල කරා..
ඔය ඉතින් මුගේ තියෙන හොර බැල්ම...
ඔය කියන්නේ මට නැගිටලා ඇවිත් ඒකා එක්ක සෙල්ලම් කරන්න කියලයි"දැන් සුවද ගහන්න හොදට නාලා නේද ඉන්නේ ආයෙත් නටන්න ගිහින් ගස් අස්සේ රින්ගලා ගස් ගද ගහන්නද ඕන ආ?"
ඔන්න ඔන්න ඉතින් ඇසුත් බෝල කරන් ඔලුවත් යන්තන් පහත් කරන් මහා දුක හිතෙන බැල්මක් දැම්මා... මූත් හාම්පුතා වගේමයි හොදට දන්නවා ඕන විදියට නටවන්න
"හරි හරි උබත් එක්ක බෑනේ ඉතින්..කපටි අල ගෝනිය එළියට ගිහින් ඉන්නවකෝ මම මූණ චුට්ටක් හෝදන් එන්නම්.."
කිව්ව සැනින් මස්කට්ටත් කටේ හිරකරන් ඇදෙන් පැන්න වූඩියා කාමරෙන් එළියට දුවලා ගියා
මුණ ටිකක් හෝදගෙන අවුල් වුන කොන්ඩෙත් අතින් හදාගෙන බූල් බැන්ඩ් එකක් දැම්ම මම එළියට එන්න ආවා..
أنت تقرأ
මා හදෙහි සිත්රු (TK)
أدب الهواةඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...