80 කොටස

782 104 39
                                    

දවස් ගාණක ඉදන් වුන හැමදේම වගේ එක දිගට මට මැවිලා පෙන්න ගද්දි දැනුන හිසේ වේදනාව ඉවසගන්න බැරුව මම මගේ ගම් ගාලා වගේ එකට ඇලවිලා තිබුන ඇහිපිහාටු ගලවගෙන ඇස් ඇරියා...

ඇස් ඇරපු ගමන් පෙණුන වට පිටාව එක්ක මට තේරුනා මම මේ ඉන්නේ අපේ කාමරේ කියලා..

මම ඉක්මනට ඇදෙන් නැගිටලා කාමරෙන් එළියට ආවේ ඉයේ ආපු මිනිහට මොකද වුනේ කියලා දැනගන්න ඕන නිසයි...මට මතකයි අන්තිමට වසන්ත අයියා ආපු නිසා මගේ ජීවිතේට අනතුරක් නොවී බේරුනා..

"ආ මෙන්න චූටි නැගිටලා..
දැන් කොහොමද චූටි තාම කැරකැවිල්ල වගේ දැනෙනවද?"

කුස්සිය පැත්තේ ඉදන් සාලෙට ආපු අයියා මාව දැකලා ඉක්මනට මගේ ලගට ඇවිත් මගේ ඇග රස්නෙද බල බල ඔලුව අතගාන ගමන් අහද්දි මම නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..

"එහෙනහ් කමක් නෑ....මම බය වුනා..වැදිලා තියෙනවා හොද පාරක් තව එහා මෙහා වුනානම් ඉවරයි.."

"අයියා කොයි වෙලේද ආවේ?"

"මම එනකොට එකට විතර ඇති..වසන්ත අයියගෙන් කිරුළුට කොල් එක ආපු ගමන්ම මම මෙහෙට ආවා.."

මගේ අතින් අල්ලගෙන ගිහින් මාව සෝෆාවෙන් වාඩි කරපු අයිය වෙච්ච දේ කියද්දි එක පාරටම මගේ උරහිසට හොද පාරක් වැදුනා වෙද්දි වැදුන පාරට මට කෙදිරි ගෑවුනා

"ආව්හ්.."

ගුටිත් කාලා මෙච්චර අමාරුවෙන් ඉන්න අහිංසක කොල්ලට ගහන්න තරන් පාපතරයා කවුද කියලා බලාගන්න මම රවාගෙනම පිටිපැත්තට හැරෙද්දි දැක්කේ ඔන්න මෙන්න පුපුරන්න ඉන්න බෝම්බයක්...ඒක ඇවිත් කොට තාරා බෝම්බයක්

"ඇයි මහත්තයට රිදෙනවද ආ...?
උබනම් මහා පන්ඩිත මෝඩ චන්ඩියෙක් සිත්රුවා.."

"බනින්න එපා බන්"

"බනින්න නෙවෙයි මට උබව ඇහේ ඉදන් පට්ටගහන්න හිතෙනවා... අර අයියා නාවනම් තොට මොකද වෙන්නේ ආ? මොලේ තිබ්බට වැඩක් නෑ උබ මහා බුද්ධිමත් මෝඩයෙක්"

මගේ වැරැද්ද නිසා මම ඉතින් මොකුත් නොකිය කට පියාගෙන හිටියා....අන්තිමට බැනලා බැනලා නිදුවටම ඇති වෙලා මගේ එහා පැත්තෙන් ඇවිත් ඌත් වාඩි වුනා..

මා හදෙහි සිත්රු (TK)Donde viven las historias. Descúbrelo ahora