අද ඉරිදා දවසක් අපිට ඉතින් නිවාඩු තමයි...
ඒත් එහෙමයි කියලා නිකන් ඉන්නනම් ලැබුනේ නෑ... උදෙන්ම සත්නිදුත් ගෙදරට ආවේ තුන්දෙනා එක්කම පාඩම්කරන්න දාගත්තු නිසයි රුචී අක්කට එයාගේ අම්මා එක්ක කොහෙද යන්න තියෙනවා කිව්ව නිසා ඉතින් අද අපිත් එක්ක සෙට් වෙන්න බැරි වුනාපාඩම් කරන වැඩේට අකමැති වුනත් ඉතින් අද සත්නිදුවත් එන නිසා මම සතුටින් හිටියේ ආතල් එකක් එහෙම ගන්න පුලුවන් නිසා
ඒත් ආතල් කෙසේ වෙතත් සත්නිදුවා ආපු ගමන්ම සදෙව් අපි දෙන්නවම කතා කරගෙන ලොකු කොහොඹ ගහා යට තිබ්බ පුටු සෙට් එකට එක්ක ගියේ අපි දෙන්නගෙම මූණ අඹුල් වෙලා යද්දි
ඉතින් එතනින් පස්සේ හිච්චි ප්‍රොෆෙසර්ට යටත් වෙලා අපි දෙන්නටම වුනේ පැයගානක්ම හොද ළමයි දෙන්නා වගේ වැඩ කරන්න
පේපර්ස් කරද්දිනම් වැරදෙන ප්‍රශ්නයක් ගානේම හොදට කන් පිරෙන්න අහගන්නත් වුනා
ඒ විතරක්නම් බැරිය අහින්සක මට ටොකු කන්නත් වුනා"ආයියා....දැන්නම් මගේ ඔලුව හිල්වෙයි"
"හිල්වෙද්දෙන්.... ඔය ප්‍රශ්නේ කීපරක්නම් වැරැද්දුවද ආ? සිවිල් නීතිය අපරාධ නීතිය ගැන කියලා දෙන්නේ ඕලෙවල් කාලේ ඉදන් ඒත් ලේසිම තැනින් අනාගන්නවා"
"ඕලේවල් කාලේ ඉගෙන ගත්තුවා මම අන්තිම දවසේ විභාග ශාලාවෙන් එළියට එද්දිම අමතක කරා... ඉතින් මට කොහොමද ඒවා මතක"
"කටවහනවා..."
"මට බෑ... මට අයිතියක් තියෙනවා මගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් හඩනගන්න"
"අනිනවා තව ටොක්කක් මම...පන්ඩිතයා.."
"මේක මහා අසාදාරණයි.... නීතියේ ආධිපත්‍ය මූලධර්ම වලට කියන්නෙනම සියලු පුරවැසියා නීතිය ඉදිරියේ එක සමානයි කියලා ඒවුනාට මට කුඩාම්මගේ පුංචි බැදපු නංගිගේ සැලකිලි"
"දැන් මොකද්ද ඔයා කියන්නේ ආ?"
"කියන්නේ මට විතරක් ටොකු අනිනේනේ මේ නිදූටත් ඇනපියකෝ ටොකු"
"අනේ මේහ්... මම මොනවා කරාටද"
මම විතරක් ටොකු කන එක ඉවසගන්න බැරිවුන මම එයාට චෝදනා කරන්න ගත්තේ තමන්ගේ පාඩුවේ පැයගානක් තිස්සේ එකම ප්‍රශ්නෙට මක මක උත්තර ලියන සත්නිදුව පෙන්නලා.. මගේ වචන ඇහුනා විතරයි ඒකාත් පරල වෙන්න ගද්දි දෙන්නටම රවපු මම පොත දිහා බලාගත්තා
ESTÁS LEYENDO
මා හදෙහි සිත්රු (TK)
Fanficඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...