26 කොටස

1.1K 162 14
                                    

ලොකු මැණිකේ කියපු නිසා අපි හවසම දළදා මාළිගාවට ආවා...දළදා මාලිගාවේ හවස තේවාවට කලින් ආවේ නිදුවා , රුචී වගේම කිරුළු අයියත් කවමදාවත් දළදා තේවාවක් දැකලා නැති නිසයි

හැන්දෑ පූජාවේ කටයුතු ආරම්භ වෙන්නේ හවස හයයි කාලට විතර සිද්ධ කරන හේවිසි වාදනයත් එක්ක ඒකට කියන්නේ හැන්දෑ දුරය කියලා.. හැන්දෑ දුරය පටන් අරගෙන විනාඩි 15ක් ගියායින් පස්සෙ හවස හයහමාරට වැඩ හිඳින මාලිගාවේ දොරවල් විවෘත කරනවා.. ඊට පස්සෙ සවස ගිලන්පස බුද්ධ පූජාව සිද්ධ කරනවා.... ඕක තමා ඉස්සර ඉදන්ම එන පිළිවෙල

මමනම් හරි ආසයි තේවා හේවිසි අහන්න..ඒ හඩ අහන් ඉද්දි මාව නිකන් දැහැන්ගත වෙනවා වගේ..
ඒ හැගීම විස්තර කරන්න තේරෙන්නෑ..

අදත් මම තේවා හේවිසි හඩ ඉවර වෙනකල්ම ඇස් පියාගෙන ඒ දැහැනට සමවැදිලා උන්නේ..

"ඇත්තමයි හිතට මාරම අමුත්තක් දැනෙනවා.."

"ඒකනේ කිව්වේ...අපිනම් ඉස්සර නිතරම වගේ හැන්දෑ දූරයට මාලිගාවට එනවා.."

කිරුළු අයියා කියද්දි අයියත් හරි ආඩම්බරෙන් උත්තර දුන්නේ....

දළදා වහන්සේ වැදපුදාගත්තු අපි මාලිගාවෙන් එළියට ඇවිත් මගුල් මඩුවයි රජවාසලයි අතර තියෙන ගොඩනැගිල්ල ලගට ආවේ කට්ටියට රාජා ඇත්රාජයගේ අනුරුව බලන්න ඕන කිව්ව නිසා...

"පනපිටින් ඉන්නවා වගේ.."

"ඔව් ඉතින් ඔය ජීවමාන අනුරුවක්නේ රුචියෝ.."

රුචියයි නිදුවවයි එතන ගිහිනුත් රන්ඩුවෙන්න හදනවා... ඇත්තමයි මේ ජෝඩුවට එක විනාඩියක් හොදින් ඉන්න බෑනේ

"දන්නවද කට්ටිය මේ මාලිගාවේ රාජා ඇතා තමයි දකුණු ආසියාවේ ප්‍රථම ජීවමාන අනුරුව විදියට 1988 දී සංරක්ෂණය කළේ..."

මාලිගාවෙන් ආපු අපි ඊලගට නැවතුනේ වැව රවුමේ...ඔහේ ඉස්සරහට අපි ඇවිදන් ගියේ දළදා මාලිගාව ගැන වගේම රාජා ඇතා ගැනත් අයියාකියන කතා අහගෙන..

දැන්නම් අටටත් කිට්ටුයි...
වටපිටාව කලුවරින් වැහිලා ගිහින් තිබ්බත් අතරින් පතර තියෙන ලයිට් කණුවල කහපාටින් දැල්වෙන බල්බ් එළි ඒ අදුර යම්තාක් දුරට මැකුවා..

මා හදෙහි සිත්රු (TK)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ