52 කොටස

961 150 23
                                    

විභාග බීසනේ තියෙනවා නේද ඕකනම් මහා සාපයක්..හතුරෙකුටවත් ඔය බීසනේනම් ඇති වෙන්න හොද නෑ අත්දැකීම් නිසා කියන්නේ මේ..හිතට දුක නෑ දෙයියනේ ඔය බීසනේ මට හැදුනනම් වැඩේ කියන්නේ මගේ ආදරණීය ප්‍රේමවන්තයටනේ ඕක හැදිලා තියෙන්නේ අනේ ඉතින් මේ අහින්සක මාවත් උදේ හවා කන්න හදනවා කොමඩ් එකේ වාඩි වෙලා ඒ අවශ්‍යතාව කරගන්න වෙලාවේ විතරයි පොඩ්ඩක් හරි නිදහස ලැබෙන්නේ නැත්තන් කොයි වෙලෙත් මාව ඇදන් යනවා පාඩම් කරන්න..කැම්පස් ගියත් ගෙදර හිටියත් කිසි වෙනසක් නෑ කොයි වෙලෙත් පොත අතේ..මේවට තමා සංසාර ණය ගනුදෙණු කියන්නේ...

"අනේ මොකද්ද බබා තේරුම් ගන්නවකෝ..ඔයාට බෑ කියලා මමත් ඉන්න ඕනද?"

"ඒ කියන්නේ දැන් ඔයාට මම නැතුව ඕවයි අස්සේ යන්න ඕන කියන එකද ඔයා කියන්නේ සුදූ?"

"දැන් මම එහෙම කිව්වද?...මේ අහනවා බබා මාසයක් තිස්සේ දැන් ගෙදරටයි කැම්පස් එකටයි විතරමයි ජිවීතේ ගෙවිලා ගියේ එහෙම ඉද්දි එපා වෙනවනේ..අනික ඔච්චර පාඩම් කරන්නත් හොද නෑ අන්තිමට තියෙන මොලෙත් කචල් වෙයි..සෙල්ලම් නෙවෙයි හරිද අර ප්‍රොෆෙසර් ටියානා පේනවනේ හිටපු ගමන් වයර් ශෝට් ගතියක් මතුවෙන්නේ ඒ ඉගෙනගෙන වැඩි වෙලා තමා ඉතින් ඔයාටත් ඕන එහෙම වෙන්නද..ඔන්න ඔහේ අදට විතරක් ගිහින් එමු හාද..හා නේද?....
ඔන්න ඔයා හා කිව්වලු බබා....හා තමා.."

දැනුත් පොතක් අස්සේ ගිලිලා හිටපු එයාගේ බෙල්ල වටේ අත්පටලවගෙන එයාව පිටිපස්සෙන් තුරුල් කරගත්තු මම එයාගේ ඔලුවට මගේ ඔලු ගෙඩිය හේත්තු කරගෙන තාලෙට දෙපැත්තට පැද්දි පැද්දි අද රෑ තියෙන යාලුවෙක්ගේ බර්ත්ඩේ පාටියට යමුයි කියලා එයාට බටර් පාරක් ගාපු මම අන්තිමට එයා තවත් හරහට මොකුත් කියන්න කට අරින්න කලින් ඒ කම්මුල එබෙන්නම චොක් ගාලා හාදුවක් දිලා මම දුවලා ඇවිත් බාත්රුම් එකට පැනගත්තා..


හොද හැටි  නාගෙන කාමරේට ආපු මම එයාව හෙව්වත් එයා කාමරේ හිටියේ නෑ ඒත් පාටියට ඇදන් යන්න එයා මට තෝරපු ඇදුම් ටික ඇද උඩ තිබුනා..

ඉතින් ඇදුම් ඇදගෙන ඉවර වෙලා සපත්තු දෙක දාන්න බලද්දියි මට තරු පෙව්නේ...බිම තිබ්බ සපත්තු දෙකේ එකක ලේස් පටිය බාගයයි තිබ්බේ කෑල්ලක් මොකෙක් හරි ඩකන් ගිහින් වගේ..අනේ අපොයි මම ආසම සපත්තු දෙක..

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now