එයා යන්න ගියා.....
එයා යන්න ගියේ නිකන් නෙවෙයි එයාගේ සුදුමහත්තයවත් අරගෙන...මෙතන නිකන්ම නිකන් හිස් මනුස්සයෙක්ව ඉතුරු කරලාඑයාව මගේ ඇස් මානෙන් නොපෙනි යනකල්ම මම බලන් හිටියා.... එයා ඉස්සරහා වැටෙන්න නොදි හිරකරන් උන්න කදුලු ඉවරයක් නැතුව මගේ කම්මුල් තෙමාගෙන ගලන්න ගත්තා..
මගේ පපුව රිදෙනවා...
මට දුවලා ගිහින් එයාව නවත්තන්න හිතෙනවා..
ඒත්...මගේ ආදරේ නිසාම මම කොහොමද එයාගේ ජීවිතේට හානියක් වෙන්න දෙන්නේ..වෙන්න තියෙන මෙවෙලේ වෙන්න ඕන හොදම දේ එයා රටින් පිටවෙන එක...ඉතින් මම අමාරුවෙන් වුනත් ඉවසන් ඉන්නවා..සතියයිනේ..ඔය සතිය ඉක්මනට ගෙවිලා යයි..
හ්ම්ම්ම්.... පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තු මම රිදෙන හදවතට ටිකක් ඉවසමු කිව්වා...
"අපි දැන් යමු චූටි"
අයියගේ අතක් මගේ උරහිස උඩ නතර වෙද්දි මට එයාගේ මූණ දිහා කෙලින් බලන්න හිතට හයියක් නැති වෙද්දි මම හා නොකියා හා කියන්න ඔලුව වැනුවා..
මට අයියගේ මූණ බලන්න මහා මොකද්ද වගේ..ඇයි ඉතින් හොර ඔක්කොම අද එලි වුනානේ..මමත් මෝඩයා වගේ අයියා ඉස්සරහම එයාව කිස් කරිනේ..
කමක් නෑ හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියනවනේ...ඉතින් ඔහොම වුන එක හොදයි හැමදාම එයාලගෙන් අපේ සම්බන්දේ හන්ගන්න බෑනේ...අනික අයියා වගේම තාත්තත් ඒ ගැන දන්නවා කියන්න මගේ හිතත් හොදටම දන්නවා..ඒත් එයාලා අපි දෙන්නා ඒ ගැන කියනකන්ම බලන් ඉන්නවා.. මගේ මස්සිනා පොඩ්ඩනම් ඉතින් කලින් ඉදන්ම දන්නවනේ සදෙව්ගෙයි මගෙයි සම්බන්දේ ගැන..
මම ගෙදරට එනකන්ම අයියා එක්ක වචනයක්වත් කතා කරේ නෑ..එයත් මගෙන් කිසි දෙයක් අහපු නැති එකනම් මට මෙවෙලේ ලොකු සහනයක් වුනා..
"මම ටිකක් ඉදලා එන්නම් අයියේ"
"හ්ම්ම්...වැඩි වෙලා එළියේ ඉන්න එපා සීතල හැදෙයි"
අයියා ගේ ඇතුලට යන්න යද්දි මම එළියේ තණකොළ බිස්සෙන් වාඩි වෙලා රෑ අහස දිහා බලන් උන්නා...
YOU ARE READING
මා හදෙහි සිත්රු (TK)
Fanfictionඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (20...