55 කොටස

895 131 33
                                    


අද දවසේ ආරම්භයෙන්ම වෙනදා වගේ හරි ලස්සන දවසක් කියලා මට හිතුනේ නෑ...
මොකද මම මේ උදාවෙනවට අකමැත්තෙන්ම හිටපු දවස ආරම්භය..අකමැතියි තමයි දෙයියනේ අදින් අපේ 3rd ඉයර් එකේ එක්සෑම් පටන් ගන්නවා..මේ පාර ඉතින් එක්සෑම් එක අනාගත්තොත් ආයි ඉතින් සුපිරියටම කෙලවෙනවා..

පපුව පිරෙන්න හොද හුස්මක් ගත්තු මම දිලිසි දිලිසි තියෙන කැම්පස් එකේ තඩිම තඩි ගේට්ටුවෙන් සදෙව් එක්කම ඇතුලට ආවා...එක්සෑම් හෝල් එක ලගට අඩියෙන් අඩිය කිට්ටු වෙද්දිනම් පපුව අම්බානෙට ගැහෙන්න ගන්නවා...

"ඔයාට පුලුවන්..කලබල නොවී හොදට හිතලා බලලා පේපර් එකට ලියන්න..ආ හැබැයි හිතන්න කිව්වට වැඩිය හිතන්න යන්න එපා එතකොට ඔයාට අවුල් යනවා හරි සරල දේත් පැටලෙන්න පුලුවන් තේරුනාද.."

මම ඉස්සර ඉදන්ම බැන්නට මොකද සදෙව්ගෙන් පාඩම් කරන්න වදේ කියලා ඒත් ඇත්තටම මම එයාට ගොඩාක් ස්තුති කරන්න ඕන මාව ඇදගෙන ටොකු ඇන ඇන හරි පාඩම් වැඩ කෙරෙව්වට
නැත්තන් ඉතින් මට වෙන්නේ පේපර් එක දුන්නම ඒක දිහා බලන් කදුලු සලන්න තමා..
ඒ වුනාට ඉතින් මම එයාගේ හොද එයාට කියන්න යන්නෑ එතකොට මට වෙන හිංසනයන් වැඩි
වෙනවා...

"හ්ම්ම්...තේරුනා මගේ හිච්චි ප්‍රොෆෙසර්...ඔයත් හොදට ලියන්න..ආ මතක ඇතුව වැඩිපුර ලියන්න යන්න එපා ඉතින්"

"යනවා යන්න මැට්ටා.."

මම කියපු දේට එයා මගේ උරහිසට රිදෙන්නම අතමිටි මොලවලා පාරක් ගහද්දි මම කරේ පැනලා එයාගේ නහය මිරිකපු එක රතු වෙන්නම..

"ආයි...අතැරපිය..රිදෙනවා!!"

එයා මෙතන බෙල්ල මිරිකන්න හදනවා වගේ කෑ ගහද්දි මම ඉක්මනට එයාගෙන් ඈත් වෙලා තව අඩියක් දෙකක් පස්සටත් වුනා..මොකද වටේ පිටේ ඉන්න මෙයාගේ වෙන්න වයිෆ්ලා සෙට් එක අල්ලගෙන මට නෙලන්න බැරි කමක් නෑ...එක්සෑම් එකට මේ කොල්ලා යහතින් ඉන්න එපැයි

මේ මෙකා මෙහෙම අහින්සක පාටට හිටියට මහා නසරාණියා මම තමයි අහින්සකයා..මේකාට අපේ බැජ් එකේ විතරක් නෙවෙයි කැම්පස් එකේ සීනියර් බැජ් එකේ කෙල්ලොත් බැල්ම දානවා..
ඇත්තමයි ඒක දැන්නම් මහා විශාල කරදරයක් වෙලා තියෙන්නේ...ඇයි යකෝ ඉතින් නිදහසේ කැම්පස් එකට ඇවිත් චුට්ටක් ලව් කරන්නවත් විදියක් නෑ..ඇයි ඉතින් කේජු කෑල්ලට පෙරේත කම් කරන කපුටියෝ වගේ එකෙක් දෙන්නෙක් අනිවාරෙන්ම මේකාගේ පස්සෙන් කැරකෙනවමයි..

මා හදෙහි සිත්රු (TK)Место, где живут истории. Откройте их для себя