66 කොටස

782 112 34
                                    

අවුරුදු හතරක කැම්පස් ජීවිතේ නිමාව...
අද අපේ Graduation ceremony එක...පටන් ගන්න තව වෙලාව තියෙනවා ගොඩක් ඒත් ඉතින් අපි උදේ ඉදන්ම කැම්පස් එකේ..

මේ කැම්පස් එක ඇතුලේ හැම තැනකම මතක පිරිලා තියෙනවා...හොද වගේම නරක මතකත් ගොඩායි...ඒ මොනවා වුනත් මම මේ කැම්පස් එකට පට්ට ආදරෙයි... පේරාදෙණි යන්න හීන දැකපු මට මුල් දවසේ මේ කැම්පස් එකට එද්දි හිතට සතුටු හිතෙන හැගීමක් නොදැනුනා වුනත් අද මගේ හිතට මහා දුකක් වගේම ලෝබ කමක් දැනෙනවා මෙතන දාලා යන්න ඕන නේද කියලා දැනෙද්දි..

කැම්පස් එක මගේ ජීවිතේට වටිනම දේවල් එකතු කරා..ඒ අධ්‍යාපනය විතරක් නෙවෙයි සහෝදරයෝ වගේ යාලුවෝ දෙන්නෙක් එතකොට ජීවිතේට හයියක් වුන ගුරුවරයෙක්...ඒ විතරක්ද අපේ ආදරේ ලස්සන මතක ගොඩක් මේ කැම්පස් එකේ ලස්සන තැන්වල හැමදාමත් මතක සටහන් විදියට ඉතුරු වෙලා තියේවි...

අපේ බැජ් එකේවුන් හැමෝම වගේ නියමයි ඇත්තටම උන් හොද යාලුවෝ ඔය දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න අනිත් එකෙක්ගෙවත් කියන්න තරම් වරදක් නෑ..එකාට එකා උදව් කරගෙන අපි මේ අවුරුදු හතරම හරි ලස්සනට ගෙව්වා.. මට සෙට් වෙන්නෑ කිව්වේ ඉතින් වෙන කවුරුත් නෙවෙයි පිදුරියි ඒකිගේ යාලුවෝ දෙන්නයි තමා..

ආ පිදුරි ගැන කිව්වම මතක් වුනේ ඒකි සදෙව්ට ආදරෙයි කිව්වනේ මේ මම ඉන්න තැනම..හැබැයි ඉතින් ඒ අතින්නම් පිදුරිගේ දෛරිය අගේ කරන්න වටිනෝ..එත් ඉතින් එහෙමයි කියලා මම මගේ කොල්ලව ඒකීට දෙන්නද..

මොනවා වුනත් ඒ කෙල්ලෙක්නේ..අනික ඕනම මනුස්සයෙක්ට ආත්මගරුත්වයක් තියෙනවනේ..
තව කෙනෙකුට අයිතියක් නෑ කෙනෙකුගේ ආත්මගරුත්වෙට හානි කරන්න..එහෙම කරත් ඒක මහා පවක්.. ඉතින් ඒ නිසාම කෙල්ලට ලැජ්ජ නොවෙන විදියට සදෙව් හරි නිහතමානීව පිදුරිගේ යෝජනාව ප්‍රතික්ෂේප කරා...අන්තිමට ඉතින් ඒකිට අකමැති වෙන්න හේතු අහද්දි මගේ කටටනම් අන්ලිමිටට් හේතු ගලන් ආවත් සදෙව් කිව්වේ එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලයි..ඒකටනම් ඉතින් පිදුරි විතරක් නෙවෙයි මේ මාත් ශොක් වුනා මොකද ඉතින් කවුරු හරි දකියි ගගා චුට්ටි කිස් එකක්වත් දෙන්න නොදෙන එයාම කෙලින්ම එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා තව ඒ කෙනා මමයි කියලත් පෙන්නද්දි මම කොහොමද පුදුම නොවී ඉන්නේ..

මා හදෙහි සිත්රු (TK)Tahanan ng mga kuwento. Tumuklas ngayon