51 කොටස

1K 155 46
                                    

"මට මගේ කිරුළුව බේරගන්න බැරිවෙයිද චූටි"

අයියගේ වචන වලට මගේ පපුව පිච්චිලා ගියා..අයියා මගෙන් එහෙම අහද්දි මට මහා අසරණ කමක් දැනුනා..හැමදාම හිනාවෙන සදෙව්ගේ වගේම කෝපී පාට ඇස්වල අද කදුළු පිරිලා..ඒ කදුළු ඇස් කොණකට එකතු වෙලා පල්ලම් බහින්න පොරකෑවත් අයියා කදුළු වැටෙන්න නොදි ඒවා අමාරුවෙන් හිරකරගෙන ඉන්නවා..

"කිරුළු අයියට මොකුත් වෙන්නෑ.."

යකඩ කූරු අස්සෙන් අත දාපු මම අයියගේ අත් දෙක මගේ අත් දෙකට තද කරගද්දි අනේ මට ඒ අත්වල වෙව්ලීම හොදටම දැනුනා..අයියා ඉන්නේ නොසෑහෙන්න බය වෙලා කියන්න මට වෙනත් හේතු ඕන වුන්නෑ

"අයියේ..එන්න අපි යමු"

සාජන් කෙනෙක් එක්ක අපි ලගට ආපු සදෙව් අයියට අඩ ගහද්දි අර ආපු සාජන් කූඩුවේ දොර ඇරියා..දොර ඇරපු ගමන්ම අයියව එළියට ඇදලගත්තු සදෙව් අයියව තදින් බදාගත්තා...

"ඔයා ඔහොම වැටිලා බෑ අයියේ..."

"මට බයයි පොඩී...කිරුළුව මරාගන්නයි අරුන් හදන්නේ.."

"එහෙම වෙන්නෑ..ඔයා ඉන්නකන් කිරුළු අයියට මොකුත් වෙන්නෑ..ඔයාගේ හයියට අපි ඉන්නවනේ අයියේ.."

සදෙව් පුලුවන් තරන් අයියගේ හිත සන්සුන් කරන්න ගත්තා...

නේජ අයියගේ කට උත්තරේ වගේම හොස්පිටල් එකේ වුන සිද්දියේ cctv record එහෙමත් පොලීසියට පෙන්නපු නිසා  වගේම අම්මගේ ලොයර්තුත් ඇවිත් කතා කරපු නිසා අයියව තවත් පොලිස් කූඩුවේ තියන් ඉන්න බැරි වෙද්දි පොලීසියට සිද්ද වුනා අයියන නිදහස් කරන්න..ඒ වගේම අයියට වුන අපහසුතාවය වෙනුවෙන් සමාව ගන්නත් එයාලා අමතක කරේ නෑ..

"ඇත්තටම සිදුවුන අපහසුතාවය වෙනුවෙන් සමාව ඉල්ලනවා ඩොක්ටර් නවිරු..ඒ වගේම පැමිණිලි පාර්ශවය ගැනත් අපි ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නවා..ඩොක්ටර්ට පුලුවන් ඕනනම් ඒ පාර්ශවය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.."

"ඒකට කමක් නෑ සර්.. සර්ලත් කරේ රාජකාරියනේ..ඒ වගේම මට ඒ අය වෙනුවෙන් පැමිණිල්ලක් කරන්නත් ඕනත් නෑ.."

අයියා එහෙම කිව්වත් මටනම් ඕන වුනේම ඒ නාකිච්චිවත් පැයකට හරි කූඩුකරන්නයි..ඇයි යකෝ අයියා පැය තුනක්ම මේ කූඩුව අස්සේ..අපේ අයියා ඉතින් හොද වැඩියියිනේ එයාගේ ඔය හොද ගතිගුණ නිසාමයි එයාට ප්‍රශ්න වැටෙන්නෙත්..

මා හදෙහි සිත්රු (TK)Onde histórias criam vida. Descubra agora