65 කොටස

795 119 38
                                    

මනුස්සයොත් හරියට කාලගුණේ වගේ කොයි වෙලාවේ වෙනස් වෙයිද කියන්න බෑ... සමහර විට ඒ වෙනස හොදට වගේම නරකටත් වෙන්න පුලුවන්..

ඉතින් මන් කල්පනා කරන්නේ වෙරෝන්ගේ මේ වෙනස ඇත්තටම හොදට සිද්ද වුන දෙයක්ද කියලයි..මිනිස්සු කතාවට කියනවනේ ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියලා ඉතින් වෙරෝනුත් ආදරේ නිසා වෙනස් වුනාද?....මට තාමත් විශ්වාස කරන්න බෑ..

අහිංසක අංගුලි මාල වුනා වගේම අංගුලි මාල ආයෙත් රහත් බව ලබාගත්තනම්..වෙරෝන් කියන මනුස්සයා ඇතුලේ ඉන්න අපිට නිතර පෙවුන කලු චරිතේ වෙනුවට ඒ සුදු චරිතෙටත් ඉඩක් නැතිවෙන්න විදියක් නැහැනේ... ඉතින් මෙවෙලේ අපිට තියෙන හොදම තේරිම විදියට අපි වෙරෝන්ව විශ්වාස කරන්න හිතුවා...

කොහොම හරි ආයෙත් නිදුවයි මමයි පල්ලියේ පාර්කින් එකට එද්දි අපි එනකල් මග බලන් ඉදපු සදෙව් කලබලෙන් අපි ලගට දුවන් ආවා වෙද්දි වුන දේවල් එයාට කොහොම පැහැදිලි කරන්නද කියලා මට හිතාගන්න බැරිවුනා

"මොනවද මෙච්චර වෙලා කරේ?...
ඔහොම ඉන්න.. කොහෙද රුචී?"

"සදෙව් මම කියන දේ අහන්න අපිට මෙවෙලේ වෙරෝන්ව විශ්වාස කරන්න වෙනවා"

"මොනවද අභී මේ ඔයා කියවන්නේ?
කරුණා කරලා වෙච්ච දේ මට කියනවද"

ඉතින් සිද්ද වුන හැම දෙයක්ම මුල ඉදන් අගටම එයාට පැහැදිලි කරා වෙද්දි සදෙව් කරේ නිදුවටයි මටයි හොදම එකෙන් රවපු එක..

"ඔයාලා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මමනම් ජීවිතේට ඔය මනුස්සයව විශ්වාස කරන්නෑ...
දැන් ඉතින් මොනවා කරන්නද ඇතුලට යමු"

එයාගෙන් මම ඔයිට වඩා බැනුම් ටිකක් බලාපොරොත්තු වුනත් එච්චරක් විතරක් කියපු එයා නිවයි මාවයි දාලා පල්ලියේ ශාලාව ඇතුලට යන්න ගියා වෙද්දි නිදුවයි මමයිතුත් ඉක්මනට එයාගේ පස්සෙන්ම ඇතුලට ගියා..

**********

ශාලාව ඇතුලට ආපු අපි සෙනග අස්සෙන්ම ගිහින් එක පැත්තකින් වාඩි වුනා වෙද්දි ඒත් එක්කම වගේ ප්‍රධාන දොර ඇරුනා...දොර ඇරෙනවත් එක්කම මංගල දිව්‍ය පූජාව පටන්ගත්තා..රුචී එයාගේ තාත්තගේ අතක් අල්ලගෙන ඇතුලට එද්දි මම මේ දේවල් දිහා බලන් හිටියේ කුතුහලෙන්..මොකද මම මේ කතෝලික විවාහ මංගල්‍යයකට සම්බන්ධ වෙනවමයි..අපිට හුරු උඩ රට ක්‍රමයට සැරසුනු මනාල යුවළ පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර කරලා කසාද සහතිකේට අත්සන් කරන එකනේ ඉතින් මේක මගේ පලවෙනි අත්දැකීම...

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now