78 කොටස

773 51 2
                                    

රාජුගේ මිනිස්සු ගේ පුරාම තැන තැන වැටිලා ඉද්දි
වසන්ත අයියා කාමරයක් ඇතුලට යන්න ගියේ අපිටත් එන්න කියලා සන් කරගෙන...

ඉතින් කිරුළු අයියයි මායි කාමරේට යද්දි දැකපු දේ නිසා මගේ ඇස් දොබ සයිස් වුනා..

යකෝ වසන්ත අයියා උන්නේ ඇද උඩට කකුලක් තියාගෙන රාජුගේ බෙල්ලෙන් අල්ලගෙන උගේ කටට තුවක්කුව ඔබන් වෙද්දි දැන් නින්දෙන් නැගිටලා වගේ උන්න රාජු විතරක් නෙවෙයි ඒකටනම් මමත් බය වුනා..











රාජුව වසන්ත අයියගේ තැනකට අරන් ඇවිත් හිර කරාට පස්සේ වසන්ත අයියා එක්ක වෙන්න ඕන දේවල් කතා කරගත්තු මම ආපිට යන්න කියලා හැදුවේ දැන් සදෙව්ව ගන්න තියෙන වෙලාව නිසා

"වසන්ත අන්නා ගොඩාක් ස්තුතියි මේ කරපු උදව්වට..මම මේක කවදාවත් අමතක කරන්නෑ.."

"මොකට ස්තුති කරනවද මහත්තයා..ඕන දෙයක් කියන්න මේ වසන්ත අයියා හිත හොද මිනිහට පන උනත් දෙනවා සරි.."

"මට කොච්චර ස්තුති කරත් මදි අන්නා...මම එහෙනම් දැන් යන්නම්..මගේ යාලුවා හෙට ඒවි..එයා ඇවිත් මිනිහගෙන් ප්‍රශ්න කරාවි.."

"සරි...ඒවා මම බලාගන්නම්..මහත්තයා පරිස්සමට යන්නකෝ.."

මම කිරුළු අයියටත් යන්නම් කියාගෙන වත්තෙන් එලියට ආවා...




************


පහුවදා උදෙන්ම අපි ගෙදරින් පිට වුනේ අම්මට මාතර යනවා නඩුවක සාක්ෂි කාරයෙක්ව හම්බවෙන්න කියලා බොරුවක්ම නොවෙන බොරුවක් කියලා...

ගාල්ල කිව්වට මොකද ගාල්ලේ ටවුමෙම නෙවෙයි අපි යන්න ඕන තැන තිබ්බේ.. ඉතින් ගාල්ලට ආපු අපිට ඉමදූවට එන්න වුනා.. අතුරුපාරවල් ගොඩකින් ඇවිත් අන්තිමට අපි හොයන තැන කියලා හිතපු ගෙදර ඉස්සරහා කාර් එක නතර කරා..

"මේ ගෙදර වෙන්න ඇති නේද සුදූ?"

"කතා කරලම බලමු බබා"

ඉතින් ගෙදර ගේට්ටුව ගාවට ආපු අපි දෙන්නා වහල තිබ්බ ගේට්ටුවට තට්ටු කරන ගමන් කතා කරන්න ගත්තා වෙද්දි ටිකකින් කවුදෝ නැන්දා කෙනෙක් ඇවිත් ගේට්ටුව ඇරියා

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now