58 කොටස

916 129 52
                                    

දවල් වෙනකන්ම හොද නින්දක් දානවා කියලා හිතුවත් කවුරු හරි කාමරේ දොරට තට්ටු කරන්න ගත්ත නිසා ඒ සද්දෙට මම වගේම සදෙව්තුත් අවදිවුනා...

"ඔයා ඉන්න..මම බලන්නම්"

"ඔය ශර්ට් එක ඇදගෙන යනවා සුදූ.."

"ආ හා.."

එයා කියද්දියි මටත් මතක් වුනේ මම ඉන්නේ ශර්ට් එක නැතුව කියලා මෙහෙම ගිහින් දොර ඇරියොත් ආපු කෙනා බය වෙයි මාව කොටියෙක් හරි වලහෙක් හරි පහුරු ගාලා කියලා..ඇයි ඉතින් මගේ පපුව පුරාම ඇදේ ඉන්න කොටි හපුවගේ නියපොතු පාරවල්..මට මතක විදියටනම් අපි නිදාගනිද්දි පාන්දර දෙක විතර වෙලා..මොකද අපි ඉයේ දීර්ඝ හාදුවෙන් පස්සේ ටිකක් විතර දුර ගියා වැඩියි..ඒකටනම් ඉතින් ලොකුම හේතුව දැන් බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා අහින්සකයා වගේ ඉන්න එයාම තමා..පුදුම විසයක් තියෙන්නේ

එළියේ ඉන්න කෙනා දොර කඩාගෙන ඇතුලට එයි කියලා හිතුන නිසා මම හනිකට බොත්තම් ටික දාගෙන ඇවිත් දොර ඇරියා..

"ගුඩ් මෝනින්..උදෙන්ම කරදර කරනවා නේ ඔයාලට"

"වෙරි ගුඩ් මෝනින් අයියේ...එහෙම නෑ අනේ අපි කොහොමත් උදෙන් නැගිටින සිරිමත් ලමයිනේ.."

"මොකට කියනවද නේ සිරිමත් ඉගෙන ගන්නෙත් අපේ සිත්රුගෙන්නේ.."

"අයියට විතරයි තේරුනේ..."

හොස්පිටල් යන්න ලෑස්ති වෙලා හිටපු අයියා මගේ වචනවලට හොදට හිනා වුනා..අද දවසනම් ගොඩාක් සුබයි ඒක ඉතින් ආයේ කතා දෙකක් නෑ..මොකද උදෙන්ම අයියගේ sunshine හිනාව දැක්කනේ.."

"චූටි මම ආවේ ලොකු උදව්වක් ඉල්ලන්න"

"මොකෝ ප්‍රශ්නේ අයියේ?"

"අද 26 නේ චූටි.."

"ආ..කිරුළු අයියා හොදින්ද කියලා බලාගන්න නේද ඔයාට ඕන.."

"හ්ම්...මම මහා නරක හීනයකුත් දැක්කා චූටි..මගේ හිතට හරි නෑ..ගිය අවුරුද්දේ එයාට ගොඩාක් අමාරු වුනානේ..සර්ජරි එක කරා තමයි දැන් එයාට හාට් එකේ ප්‍රශ්නයක් නැති එකත් හරි ඒත් චූටි එයාට දෙසැම්බර් 26 කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි අදුරු දවසක්...ඉතින් මට එයා ගැන බයයි"

මා හදෙහි සිත්රු (TK)Opowieści tętniące życiem. Odkryj je teraz