37 කොටස

1K 152 13
                                    


මම දැන් මොකද්ද කරන්න ඕන කොහෙද යන්න ඕන කියලා කිසිම අදහසක් මට නැති වෙද්දි මට මෙවෙලේ මේ හැම දෙයක්ම කාට හරි කියලා මගේ හිත නිදහස් කරගන්න ඕන වුනා

කලිසන් සාක්කුවේ තිබ්බ ෆෝන් එක අතට ගත්තු මම නිදුවට කෝල් කරන්න ගත්තා
මොකද මට මගේ පවුල කියලා හිතපු අය ඇරුනම මට මගේ කියලා දැනුන එකම කෙනා නිදුවා නිසා

"මොකෝ වුත්තෝ මහා පාන්දර නිදාගන්න නොදි කෝල් ගන්නේ?"

"නිදුවා...."

"ඒහ්..සිත්රුවා මොකද වුනේ ඇයි උබේ කටහඩ අමුතු?"

නිදිමත විකාරෙන් මට බැනගෙන ගියපු නිදුවට මම කතාකරද්දි මගේ හඩේ වෙනස තේරිලා නිදුවා කලබලෙන් අහද්දි මට තවත් ඇඩුම වාවගන්න බැරිව ඉකි ගැහුනා..

"අනේහ්..නිදුවා මාව එක්ක පලයන් බන්.. ම..ම තනිවෙලා වගේ දැ..නෙනවා.."

"අනේ අඩන්නෙ නැතුව හිටපන්කෝ..හරි වෙච්ච දේ මම දැන් අහන්නෑ මට උබ ඉන්නේ කොහෙද කියලා විතරක් කියපන්.."

"මම ඉන්නේ බස් හෝල්ට් එකේ.."

"බස් හෝල්ට් එකේ කිව්වේ මොන ගෙදර ගාව එකේද?"

"ඔව්.."

"හරි කොහෙවත් නොයා ඔතනම හිටපන් මම ටක්ගාලා එනවා...හැබැයි අඩියක් හරි හොල්ලලා තිබ්බොත් මම උබේ කකුල් දෙක කඩනවා තේරුනානේ.."

අන්තිමට මට තර්ජනෙත් කරලා නිදුවා කෝල් එක කට් කරද්දිම ඊලගට මගේ පන 💚
කියලා සේව් කරලා තියෙන නම්බර් එකෙන් කෝල් එකක් එද්දි මම වෙව්ලන ඇගිලි තුඩු වලින් කෝල් එක ආන්සර් කරන්න කියලා හැදුවත් එවෙලෙම රතු කට්ටටම බැට්‍රි බැහැලා තිබ්බ ෆෝන් ඒක ඕෆ් වෙලා ගියා..

හෙමින් පටන් ගත්තු වැස්ස එන්න එන්නම එක පිට එක අකුණු ගගහා දාරානිපාත වැස්සක් වෙද්දි මට මෙච්චර වෙලා අමතක වෙලා හිටපු එයාව මතක් වුනා

අනේ එයා වැස්සට බයයි...

මට ආයේ ආපස්සට හැරිලා ගෙදර දුවන්න හිතුනා...ඒත් මෙතන තනිවුන කෙනා මම මිස එයා නෙවෙයි කියලා මතක් වෙද්දි ඉස්සරහට තියන්න ගත්තු අඩිය අමාරුවෙන් හරි ආපස්සට ගත්තා... මට බෑ මට හයිය නෑ මම පිලිගන්න අකමැති ඇත්තට මූණදෙන්න...එයාට අයියා අම්මා ඉන්නවා එයාලා එයාව බලාගනියි..

මා හදෙහි සිත්රු (TK)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin