54 කොටස (Bonus)

993 140 41
                                    


දවසින් දවස ගෙවිලා යනවා හරිම සාමාන්‍ය විදියට..
සදෙව් වගේම මමත් සුපුරුදු විදියට කැම්පස් ජීවිතේ ගෙවන ගමන් වෙනදටත් වඩා ආදරෙන් පුංචි පුංචි රන්ඩුත් එක්කම කාලේ ගත කරද්දි තාත්තා වගේම අයියත් එයාලගේ රාජකාරිය දේවකාරියක් වගේ කැපවීමෙන් ඉටු කරනවා ඒ විතරක් නෙවෙයි අම්මා දැන් කම්පැනි එකේ වැඩට යන්නේ හරි කලාතුරකින් ඒකත් අත්‍යවශ්‍යම දෙයකට විතරයි මොකද සදෙව්ගේ තාත්තගේ මල්ලි තමා දැන් බිස්නස් හැඩල් කරන්නේ..ඉතින් ඒක නිසා අපිට දැන් තුන්වේලටම අම්මගේ අතින්ම උයන කෑම කන්න පුලුවන්..

අපි ආච්චි අම්මව බලන්න ගිහින් ඉයේ තමා ආයේ කොළඹ ආවේ එයානම් ඉන්නවා ඉතින් කැන්ඩි ලමිස්සි වගේ...කිරුළු අයියනම් කැනඩා ගිහින් දැන් මාස හතකට වැඩියි තාමත් එයා කතා කරන හැම වේලාවකම මුලින්ම අහන්නේ එයාගේ අවී ගැන තමා..මම හිතනවා දවසක එයාලගේ ජීවත වලටත් වසන්තය උදාවේවි කියලා..

හිතාගන්න බෑ කාලය ගෙවිලා ගිය ඉක්මන ගැන මට තාමත් දැනෙන්නේ මගේ ජීවිතේ සිදුවුන සතුටු සිදුවීම් වගේම මම ආයේ කවමදාවත් මතක් කරන්නවත් අකමැති මගේ ජීවිතේ ඒ අදුරුම දවසුත් මේ අද ඉයේ ගෙව්වා වගෙයි...මම ප්‍රාර්ථනා කරනවා ආයෙත් එහෙම අදුරු දවස් මගේ ජීවිතේට අත්විදින්න නොලැබේවා කියලා..දැනටනම් කිසිම ප්‍රශ්නයක් තියා ප්‍රශ්නෙක සේයාවක්වත් මට පේන්න නෑ මගේ ජීවිතේ පුදුමාකාර තරම් සාමකාමී විදියට තමා මේ මොහොතේ ගතවෙලා යන්නේ..ඒත් මට බයත් ඒකමයි මොකද කුණාටුවක් එන්න කලිනුත් පරිසරය හරි සාමකාමී වෙනවනේ....මට අනාගතේ වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න පුලුවන් කමක් නෑනේ ඒත් එනදේකට මුහුණ දෙන්න ලෑස්ති පිට ඉන්න එකයි හොද...

"මොනවද සුදූ අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?"

එයාගේ කටහඩින් මම මගේ කල්පනාවෙන් මිදුනා...

"කල්පනා කරන්නද දේවල් නැත්තේ බබා.."

එයා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වෙලා මගේ අතට එයා උගුරු දෙකතුනක් බීපු කල්කිරි බෝතලේ දෙද්දි මම එක හුස්මටම එකෙන් බාගයක්ම බීලා දැම්මා...ඔන්න ඒකටනම් එක්කෙනෙක්ගේ මූණ නරක් වුනා

මා හදෙහි සිත්රු (TK)Where stories live. Discover now